ලංවිම සේවක ආර්ථසා‍ධක අරමුදලේ කෝටි 300 ක මුදල අතුරුදහන් විම පි‍ලිබද පරික්‍ෂණ කඩිනම් කරන්න.
08 0

Posted by  in Latest News

ගණුදෙනුවට අදාල සමහර ලිපිත් අතුරුදහන්

තරාතිරම නොබලා නීතිය හමුවට

ලංවිම සේවක අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය තුලින් අතුරුදහන් විම සම්බන්‍ධව පවත්වන පරික්‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාල බලධාරින්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය. ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්‍ඡාවකට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා………

මේ වන විට අදාල ගණුදෙනුවට සම්බන්ධ සමහර ලිපි අතුරුදහන් වේලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම වෙනමම අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන්න නියෝග කලා. ඒ වාගේම මේවන විට අපරා‍ධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID වෙනනම පරික්ෂණයක් පවත්වනවා. ඒ අනුව මෙයට සම්බන්ධ කවුදැයි ලගදිම හෙලිකරන්න පුලුවන්. ඒවාගේම ඒ අයගේ තරාතිරම නොබලා නිතිමය කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ මේ අතුරුදහන් මුදල නැවත ලබා ගැනිමටයි අපි කටයුතු කරන්නේ.

අපි ඉදිරියේ දි ලංවිම සේවක අර්ථසාධක අරමුදල සදහා වෙනමම භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරිමටත් කටයුතු කරනවා.