මේ වෙද්දි විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන් 80% ක් ජලයෙන් පිරිලා.  ඒ නිසා කිසිඳු ආකාරයක  විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ
26 0

Posted by  in Latest News

පසුගිය වසරේ මම මේ අමාත්‍යාංශය බාරගනිද්දි, විදුලිබල අමාත්‍යාංශය කියන්නේ ප‍්‍රශ්න ගබඩා කරලා තිබුණ අමාත්‍යාංශයක්. පසුගිය මාර්තු මාසයේ ඒ ප‍්‍රශ්න ගබඩාවේ දොර ඇරිලා, ප‍්‍රශ්න සියල්ලම එකවර එළියට ආවා. වර්ෂාව හිඟවීමෙන් අපේ ජලවිදුලි උත්පාදනය අඩුවුණා. සම්පේ‍්‍රෂණ පද්ධති ප‍්‍රශ්න වගේම බෙදාහැරීමේ ගැටළුත් මතුවුණා. ඒ වගේම රටේ විදුලි ඉල්ලූමත් 10% කින් 15%කින් වර්ධනය වුණා. උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන්. කෙටිකාලීන, මධ්‍ය කාලීන විසඳුම් ලබාදෙමින් අපි ඒ ප‍්‍රශ්න ගබඩාව ක‍්‍රමානුකූලව වහලා දැම්මා. අද අපි මේ කරන්නේ ඒ ප‍්‍රශ්න ගබඩාව ස්ථීරවම වසා දමන්න දිගුකාලීන විසඳුම් ලබාදීමක්. වර්ෂාව නැතිවුණ අවස්ථාවේ අපි සම්ප‍්‍රදයිකව ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේට බාරයක් වුණා. ඒ බාරය වෙලා දින දෙකෙන් අපිට වර්ෂාව ලැබුණා. අද උදැසන අපි ඒ බාරය ඔප්පු කළා. ඒ ආකාරයෙන් සෑම අංශයකින්ම විසඳුම් අපි සොයාගනිමින් සිටින්නේ. ජලය නැති කාලයට විදුලිය නිපදවන්නේ කොහොමද, ඒ සඳහා සුදුසුම බලශක්ති ප‍්‍රභවය මොකක්ද, අවම පරිසර හානියක් සිදුවන බලශක්ති ප‍්‍රභවය මොකක්ද, මේ හැමදේකටම වැඩියෙන් පාරිභෝගිකයාගේ පොකට්ටුවට ලාභදායි වෙන්නේ කොහොමද යනාදි වශයෙන් විසඳුම් සොයන්න අපි කටයුතු කරනවා. මේ වෙද්දි අපේ ජලාශ සියල්ලක්ම වාගේ 80% ක මට්ටමකට ජලයෙන් පිරිලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ, යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය

ඒ මහතා මෙම අදහස් පළකළේ රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාර වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් බවට පත්කර අවසන් බව සනිටුහන් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහිදී අමාත්‍ය සියඹලාපිටිය මහතා විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කැකිරාව, මැදගම ෘ5 ග‍්‍රාමයේ නිවසකට විදුලිය සබදතාව ලබාදෙමින්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් බවට නිල වශයෙන් සනිටුහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා ….,
,අපි පොළොන්නරුව, කෑගල්ල, පුත්තලම සහ අනුරාධපුරය දිස්ත‍්‍රික්කයන්ට අද වෙද්දි 100% ක් විදුලිය ලබාදීලා අවසන්. ඊළඟට අපි මාතර දිස්ත‍්‍රික්කයට යාමට බලාපොරොත්තු වෙනවා. සමාජයේ විවිධ පන්ති ඉනන්වා. හඩ තියෙන මිනිස්සු මොන ආකාරයෙන් හරි තමන්ගේ ගැටළු විසඳගන්නවා. නමුත් හඩක් නැති මිනිස්සු තමන්ගේ ගැටළු හමුවේ හූල්ලනවා. අපි නැගිටල හුරේ දැම්මට ඒ හඩක් නොමැති පන්තිය නැගිටින්නේ නැහැ. රට නැගිට්ටවන්න නම් අපි අන්න ඒ හඩක් නැති කොටස අපි කුමන ආකාරයෙන් හෝ අපිත් සමගම නැගිට්ටවන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මණින් සියලූම නිවාස වලට විදුලිය දී අවසන්, දකුණු ආසියාවේ එකම රට හැටියට වාර්තාවක් තියන්න. ඒ වගේම සමාජයේ උදව් කළයුතුම පන්තියට උදව් කළ මහා විප්ලවය හැටියට වාර්තාව තියන්න,

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා, සාමාන්‍යාධිකාරි එන්.සී. වික‍්‍රමසේකර මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික් අතිරේක දිසාපති, ප‍්‍රාදේශීය මහලේකම් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.