චෙකොස්ලෝවැකියානු තානාපති-ශී‍්‍ර ලංකා බලශක්ති අමාත්‍ය හමුවක්  දේශීය බලශක්ති  ක්ෂේත‍්‍රයේ වර්ධනයට චෙකොස්ලෝවැකියානු රජයේ සහාය
06 0

Posted by  in Latest News

ශ‍්‍රී ලංකාව මේ වනවිට දේශීය වශයෙන් යොමුවෙමින් සිටින බලශක්ති වර්ධන සහ සංරක්ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳව චෙක් ජනරජයේ අවධානය යොමුවී තිබෙන අතර තම රටේ බලශක්ති ක්ෂේත‍්‍රය සම්බන්ධ අත්දැකීම් සහ තාක්ෂණික ඥානය, ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙන බව චෙකොස්ලෝවැකියානු තානාපති මිලාන් හොවොර්කා මහතා (HE Mr. Milan Hovorka& පැවසීය. චෙක් රජයේ තානාපතිවරයා විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී හමුවූ අවස්ථාවේදී මේ බව පැවසීය.

දෙරට අතර පවතින්නාවූ ද්විපාර්ශ්වීය සබඳතා තවත් තහවුරු කරගැනීමේ එක් පියවරක් වශයෙන් මෙසේ බලශක්ති ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා දායකවීමට තීරණය කළබව පැවසූ චෙක් ජනරජයේ තානාපතිවරයා. ගල් අඟුරු විදුලිබල නිෂ්පාදනය පිළිබඳ විශේෂ පළපුරුද්දක් හා තාක්ෂණ ඥාණයක් සතු තම රජය, එම පළපුරුද්ද හා තාක්ෂණය ශ‍්‍රී ලංකාව වෙත ලබාදීමට සූදානම් බවද අවධාරණය කළේය.

මෙම කරුණු වලට අමතරව දීර්ඝ කාලයක සිට පැවතෙන දෙරට අතර මිත‍්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීම පිළිබඳවද විෂයභාර අමාත්‍යවරයා සමග වැඩිදුර කරුණු සාකච්ඡුා කළ චෙකොස්ලෝවැකියානු තානාපතිවරයා, මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම බලශක්ති ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා සිය රට වෙතින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට, චෙක් රජය වෙනුවෙන් තමා පොරොන්දු වන බව පැවසීය.

මෙම නිල හමුව සඳහා චෙකොස්ලෝවැකියානු රජය වෙනුවෙන් පත්කළ ශ‍්‍රීලංකානු කොන්සල් ජනරාල් වෛද්‍ය ලෝහිත සමරවික‍්‍රම මහතා ඇතුළු චෙක් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද සහභාගී විය.