Posted by in Latest News
පසුගිය 25 සඳුදා තමයි වැඩිම විදුලි ඉල්ලූම වාර්තා වෙන්නේ. එය මෙගාවොට් 2452.9කට ආසන්න ප‍්‍රමාණයක්. ඒක තමයි මේ රටේ වාර්තාගතම විදුලි ඉල්ලූම. ඒ ඉල්ලූම සපුරාලීම පිණිස ගිගාවොට් පැය 42.35 ක් විදුලිය නිපදවලා තිබෙනවා. ඊට ආසන්නම විදුලි ඉල්ලූමක් වාර්තා වුණෙත් මේ මාසෙම 5 දා. එය මෙගාවොට් 2393.4 ක්. ඒක තමයි දෙවෙනියට වැඩිම ඉල්ලූම. මේ සඳහා ප‍්‍රධානම හේතුව හැටියට අපි දකින්නේ අධික උෂ්ණත්වය. විශේෂයෙන් රාත‍්‍රියේදි විදුලි එළියට වගේම විදුලි පංකාවටත් වායුසමනයටත් ඉල්ලූමක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ තරම් විශාල වශයෙන් විදුලි ඉල්ලූම වැඩිවෙලා තිබෙන්නේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා …,
“2015 ජනවාරි විදුලි ඉල්ලූමට සාපේක්ෂව 2016 ජනවාරි මාසේ විදුලි ඉල්ලූම 9.91% කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම 2015ට සාපේක්ෂව 2016 වසරේ පෙබරවාරි මාසෙදි 13.5% කින් වැඩිවෙලා තිබෙනවා. මාර්තු මාසෙදි 9.88 % වැඩිවීමක් වෙලා තිබෙනවා. අවරුදු ගානක ඉතිහාසයක් සමග සැසඳීමක් කරලා බැලූවම 2015 වසරේ මාස 03කට සාපේක්ෂව 2016 වසරේ එම මාස 03 තුළ විදුලි ඉල්ලූමේ ක්ෂණික වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා.
උෂ්ණත්වය පැත්තෙන් බැලූවොත් 2015 පෙබරවාරි මාසයට වඩා 2016 පෙබරවාරි මාසයේ අංශක 1 ක් වැඩිවෙලා තිබෙනවා. මාර්තු මාසයේදී 2015 වසරට වඩා 2016 වසරේදී අංශක දෙකක වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා. අපේ‍්‍රල් මාසයේදීත් 2015 වසරට වඩා 2016 වසරේදී අංශක දෙකක වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා.
තවත් පැත්තකින් බැලූවොත් වර්ෂාපතනය මීට සාපේක්ෂව අඩුවෙලා තිබෙනවා. 2015 වසරේ පෙබරවාරි මාසයට වඩා 2016 පෙබරවාරි මාසයේදී මිලිමීටර් 51ක් අඩු වෙලා තිබෙනවා. මාර්තු මාසයේදී 2015 ට වඩා 2016 වසරේදී මිලිමීටර් 233ක අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම 2015 අපේ‍්‍රල් වලට වඩා 2016 අපේ‍්‍රල් මාසයේදී මිලිමීටර් 171ක වර්ෂාපතනය අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. පොදුවේ මේ මාස 03 ගත්තොත් 2015 මේ මාස තුනේ මිලිමීටර් 692 ලැබිලා තිබෙනවා. 2016 ලැබිලා තිබෙන්නේ මිලිමීටර් 237ක්. ඒ අනුව මිලිමීටර් 455ක අඩුවීමක් එය ප‍්‍රතිශතයක් වශයෙන් 65%ක වර්ෂාපතනයේ අඩුවීමක්.
අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ 50% ක් පමණ ජලයෙන්. ඒ සඳහා සෘජුවම බලපාන්නේ වර්ෂාපතනය. මේ වසරේදී මාස 03 ක් තුළදි 65%කින් වර්ෂාපතනය අඩුවීමෙන් උෂ්ණත්වය වැඩිවෙලා, විදුලි ඉල්ලූම 11 %ක ප‍්‍රමාණයකින් වැඩිවෙද්දි, අපි මේ රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහාවන විශාල අභියෝගාත්මක කාර්යයක නිරතවෙලා සිටිනවා” යැයි පැවසීය.