Posted by in Latest News
අපේ‍්‍රල් මස අවසන් වීමට ප‍්‍රථම හම්බන්තොට දිස්ත‍්‍රික්කය 100% ක් විදුලියෙන් ආවරණය කෙරේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
හම්බන්තොට, බරුතකන්ද සූර්යබල උද්‍යානයේ පැවති නිරීක්ෂණ චාරිකාවේදි අවධාරණ කරයි.
“විදුලිබල ප‍්‍රශ්නයට විසදුමක් වශයෙන් නිවාස දසලක්ෂයකට සූර්යබල පද්ධති ලබාදෙන්න අපි තීරණය කළා. මේ ස්ථානය තමයි ලංකාවේ පළමු සූර්යබල උදානය. මේ වනවිට මෙමගින් මෙගාවොට් 1.2 ක් විදුලි ධාරිතාවක් නිපදවනවා. මෙමගින් රටේ මුදල් පිටරටට ඇදීයාමත් වළකිනවා. මෙහි වැදගත්කම වන්නෙ පරිසරයට කිසිම හානියක් නොමැති මිතුරු ව්‍යාපෘතියක් වීමයි. මෙහි විදුලිබල නිෂ්පාදනය වෙනුවෙන් කිසිදු මුදලක් පිටරටට ඇදී යන්නේ නැහැ. ඒ පැත්තෙනුත් ඉතාමත් වැදගත්. ගැටළුවකට තිබෙන්නේ සූර්යාලෝකය නොමැති අවස්ථා වලදී පද්ධතියේ සමතුලිතභාවය රැුකගැනීමයි. ඒ සඳහාත් නවීන තාක්ෂණයෙන් විසදුම් ලබාගන්න පුළුවන්. සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘති තුළින් ඉදිරියේදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට, බරුතකන්ද සූර්යබල උද්‍යානයේ පැවති නිිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු අමාත්‍ය සියඹලාපිටිය මහතා ..,
“මම මේ අමාත්‍යාංශය බාරඅරන් මාස 06යි. මේ කෙටි කාලසීමාව තුළ අමාත්‍යාංශයේ තිබෙන ප‍්‍රධාන ගැටළු කිහිපයක් හඳුනාගෙන අපි ඒවාට විසඳම් ලබාදුන්නා කඩිනමින්. ඉන් ප‍්‍රධාන ගැටළුවක් තමයි ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සිටි මිනිස්බල සේවක පිරිස් වලට ස්ථිර පත්වීම් නොතිබීම. මාස 02 ක් ඇතුළත විවධාකාර අභියෝග මැද්දේ ඒ පිරිසෙන් 2500 ක් පිරිස ස්ථිර කළා. අනෙක් සේවක මහතුන්ටත් මම පැහැදිළිව කියා සිටියා ජූනි මාසේ අවසන් වීමට ප‍්‍රථම ඔවුන්ගේ ගැටළුවත් විසඳනවා කියලා. ඇගිලි දික්කරීමේ ක‍්‍රමය වෙනුවට අත්වැල් බැදගත් ක‍්‍රමයකටයි මම ගැටළු විසඳන්නේ. ඒ වගේ ස්ථිරසාර වැඩපිිලිවෙලක් ක‍්‍රියාත්මක වෙද්දිත්්, රටේ ප‍්‍රබල ගැටලූවක් තිබෙන මේ වකවානුව තුළ විරෝධතා ව්‍යාපාරයන් පවත්වනවානම් ඒවා කොතෙක් දුරට සාධාරණද කියලා ජනතාව තීරණය කළයුතුයි” යැයි පැවසීය.
මෙම අවස්ථාවට සමගාමීව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ විදුලි සත්කාරක සේවයේ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක්ද අමාත්‍ය සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි. අපේ‍්‍රල් මස අවසන් වීමට ප‍්‍රථම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මෙතෙක් විදුලිය නොලැබූ, විදුලිය ඉල්ලන සියලූ දෙනාට විදුලිය ලබාදී අවසන් කරන බවත්, රටක් වශයෙන් යම් සමාජ පන්තියක් නගාසිටුවන පුණ්‍යකර්මයේ කොටස් කරුවන් වන ලෙසත් ඒ සඳහා සහභාගි වූ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.