Posted by in Latest News
ලක්ෂ 90 කට අධික වැටලීම් ආදායමක්
වංචාකාරී පුද්ගලයින් පිළිබඳව 011 2422259 දැනුම් දෙන ලෙස ඉල්ලීමක්
ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පෙබරවාරි මස තුළ ලංකාවේ දීපව්‍යාප්තව සිදු කළ වැටලීම් තුළින් රු 9,005,433.04 (ලක්ෂ 90) ක ආදායමක් ලබා ඇති අතර එම මුදලින් රු.975,000.00 ක් උසාවි දඩ වශයෙන් ගණන් බලා ඇත.
ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 223 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 161 ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 62 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.
මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන්හි නිරතවන වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 0112422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙසේ නීතිය ඉදිරියේ වරදකරුවන් වන අයට පමුණුවන ලබන මූල්‍යමය සහ අනෙකුත් දඩුවම් වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමද ක්‍රියාත්මකවන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.