විදුලිබල මණ්ඩලය පැහැදිළි සෘජු ජනතාවාදි ගමනක් බොහෝම වේගයෙන් යන අවස්ථාවක් මේ….
01 0

Posted by  in Latest News

සමහරු කියනවා විදුලිය 98% ක් දුන්න එක ඉතිරි 2% දෙන එක ඒතරම් ගැටලූවක් නෙමෙයි කියලා. හැබැයි මේ 2% තමයි දෙන්නම අමාරු. සමහරුන්ගේ නිවස අසලටම විදුලිය පහසුකම ඇවිත් වසර ගණනාවක් වෙනවා. නමුත් නොයෙක් ගැටළු මත නිවසට විදුලිය ගන්න බැහැ. මේවා ආර්ථික, නීති, ආකල්ප. සමාජ හෝ භෞතික ගැටළු වෙන්න පුළුවන්. මෙම ගැටළු සියල්ල විසඳගෙන අපි මේ රටේ 100% විදුලිය දෙන්න කටයුතු කරන මොහොතක් මේක. විදුලිබල මණ්ඩලයට මේ පිළිබඳව විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. සමහරු බොහෝම සැහැල්ලූවෙන් ලංවිම පිළිබඳ කතා කළත් දකුණු ආසියාවේ 100% ක් පැය 24ම විදුලිය ලබාදෙන එකම රට බවට ලංකාව පත්කිරීමේ කීර්තිය ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවෙනවා. මේ විදුලිබල මණ්ඩලය පැහැදිළි සෘජු ජනතාවාදි ගමනක් බොහෝම වේගයෙන් යන අවස්ථාවක්” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ සිරිලක විදුලියෙන් ඒකාලෝකමත් කිරීමේ ,රටම එළියයි – අඳුර දුරලයි , වැඩසටහන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහව ප‍්‍රදේශයේ ඉදිකල මහව ග‍්‍රිඩි විදුලි උප පොළ විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

විදුලිය ජනනය සම්පේ‍්‍රණෂය සහ බෙදාහැරීම යන කටයුතු වලදී විශාල බාධක වලට මුහුණ දෙන්න වෙනවා. ඒවාටත් මුහුණදෙමින් තමයි අපි යන්නේ. මේ සියල්ලත් එක්ක අපි ඉදිරියට යන්නේ ජනතාවට බද්ධ වුණ ප‍්‍රධානම යටිතල පහසුකම විදුලිය නිසයි. ජනතාවගේ දෛනික කාර්යයන් සියල්ලම විදුලිය හා ඒකාබද්ධව තිබෙන නිසා විදුලිය මොහොතකට නැති වුණත් ජනතාවට එය තදින් දැනෙනවා. බොහෝ දේවල් වෙනස් වෙලා. රට බොහෝම සාමකාමීව, සහජීවනයෙන්, එකඟතාවයෙන් ජාතික ප‍්‍රතිපත්ති අනුව ඉදිරියට යන මොහොතක්. ඒ දේශපාලන වෙනස්කමත් පාවිච්චි කරලා ශ‍්‍රී ලංකාව ලෝකයේ දියුණූ රටක් බවට පත්කිරීමට උත්සාහ දරමු. මේ සඳහා විදුලියත් අත්‍යාවශ්‍ය සාධකයක්. වයඹ ප‍්‍රදේශයේ සීග‍්‍රයෙන් දියුණූවෙන කොටසක සියලූ බාධක මැඩගෙන, විදුලි සම්පේ‍්‍රෂණ ග‍්‍රිඞ් උපපොළක් ඉදිකිරීමට ලැබිම පිළිබඳ මා ඉමහත් සතුටට පත්වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල යන මහත්වරුන් ඇතුළු කෑගල්ල ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරියත් ප‍්‍රදේශවාසින් විශාල පිරිසකුත් සහභාගී වුහ.