වසර 2 කට වඩා කාලයක් අක‍්‍රීය තත්ත්වයේ පවතින කුඩා ජල විදුලි බලාගාරවල බලපත‍්‍ර වහාම අහෝසි කරනවා.
04 0

Posted by  in Latest News

මේ වනවිට කුඩා ජලවිදුලි බලාගාර වලින් මෙගාවොට් 300 ක් පමණ දායකත්වයක් ජාතික විදුලිබල පද්ධතියට ලබාගන්නවා. කුඩා ජලවිදුලි බලාගාරවල බලපත‍්‍ර පිළිබඳව ගැටලූවක් තිබෙනවා. සමහර බලපත‍්‍ර හිමියන් එම බලපත‍්‍ර අතින් අතට යවමින් අලෙවි කිරීමේ යටි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා. මින් සිදුවන්නේ විදුලිය නිපදවීම ප‍්‍රමාදවීමයි. මේ තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමුකරලා එම තත්ත්වය ඉවත් කිරීම සඳහා අද චක‍්‍රලේඛයක් නිකුත් කරනවා. එමගින් වසර 02 කට වඩා පැරණි, වැඩ ආරම්භ කරනැති කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති සඳහා නිකුත්කර ඇති බලපත‍්‍ර වහාම අහෝසි කිරීමට අපි ක‍්‍රියාකරනවා. අනතුරුව එම බලපත‍්‍රලාභීන්ට එසේ ව්‍යාපෘති මෙතෙක් ආරම්භ නොකිරීමට සාධාරණ හේතූන් ඇත්නම් අභියාචනය කරන්න කාලසීමාවක් ලබා දෙනවා. එසේ නැත්නම් විවෘත මිල ගණන් කැඳවීමෙන් එම බලපත‍්‍ර සාධාරණ ආකාරයෙන් අලූත් පිරිසකට කරගෙන යාමට ලබාදෙන්න කටයුතු කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති “රටම එළියයි – අඳුර දුරලයි” වැඩසටහනේ මහනුවර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,
“මේ රටේ බලශක්ති ක්ෂේත‍්‍රයේ සෑම පැත්තක්ම ආවරණය වන පරිදි වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් වසර 2030 දක්වා විදුලිබල ක්ෂේත‍්‍රයේ සැලැසුම් මේ වනවිට අපි සකස් කරනවා. මෙහිදී අනාගතය සඳහා අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්නේ කෙසේද, එයින් වැඩි කොටසක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවා ගන්නේ කෙසේද, පුනර්ජනනීය බලශක්තියෙන් අනාගතයේ ස්වයංපෝෂිත බලශක්ති නිර්මාණයක් ඇති කරන්නේ කෙසේද, එසේම බිඳවැටීම් වලින් තොර අඛණ්ඩ විදුලි සේවාවක් සපයන්නේ කෙසේද යන කරුණූ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. මෙම සියලූ කටයුතු සිදුකරන්නේ ලංවිම සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම මතයි. ඒ නිසා ලංවිම සේවක තෘප්තිමත් භාවය පිළිබඳවත් අවධානය යොමුකර කටයුතු කරනවා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලකී ජයවර්ධන, මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්. සිටිසේකර යන මහත්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරු, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුඵ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.