Posted by in Latest News
දේශපාලනාධිකාරිය, අමාත්‍යාංශ, විදුලිබල මණ්ඩලය, මහජනතාව, රාජ්‍ය නිලධාරීන් යන අපි සියලූදෙනා සාමූහිකව එකතු වුණොත් මේ ආකාරයෙන් මුළු රටේම විදුලියනය ඉතාමත් පහසුවෙන් 100% ක් බවට පත්කරන්න හැකිවේවි……
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති පවුල් 8000 ක් පමණ සිටියා. අපි මේ මස 12 දා වනවිට ඒ පවුල් 8000 ටම විදුලිය ලබාදෙනවා. කළුතර දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති 5000 ක් පමණ සිටිනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ 8000 කට මාස 03 ක් වැනි කෙටි කලකදී විදුලිය සැපයුවානම්, කළුතර කියන්නේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍යතුමාගේ දැඩි කැපවීම සහ නායකත්වය මත, ඊට වඩා පහසුවෙන්ම විදුලියනය 100% ක් ලබාදෙන්න පුළුවන් දිස්ත‍්‍රික්කයක්. ඒ නිසා පෙබරවාරි 28 වන විට කළුතර දිස්ත‍්‍රික්කයේත් අවසාන විදුලිය නොමැති නිවසටත් විදුලිය ලබාදෙන්න අපි සැලසුම් කරලා තිබෙන්නේ. දේශපාලනාධිකාරිය, අමාත්‍යාංශ, විදුලිබල මණ්ඩලය, මහජනතාව, රාජ්‍ය නිලධාරීන් යන අපි සියලූ දෙනා සාමූහිකව එකතු වුණොත් මේ ආකාරයෙන් මුළු රටේම විදුලියනය ඉතාමත් පහසුවෙන් 100% ක් බවට පත්කරන්න හැකිවේවි නියමිත කාලසිමාවටත් කළින්” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ කළුතර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත, රටම එළියයි අඳුර දුරලයි, ජාතික විදුලි සත්කාරය පිළිබඳව කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැුස්වීමකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,
“අපේ රටේ මේ වෙද්දි 98% කට විදුලිය පහසුකම් සපයලා තිබෙනවා. තවත් 2% කට පමණ විදුලිය ලබාදෙන්න තිබෙනවා. ගේ ළඟට විදුලිය ආවත් නොගත්ත කොටසක් මේ රටේ සිටිනවා. ඔවුන්ගේ ආර්ථික අපහසුතා නිසයි විදුලිය නොගන්නේ. ඒ පවුල්වල දරුවන් ආසයි විදුලි එළියෙන් පාඩම් කරන්න. රූපවාහිනිය නරඹන්න. මේ ගැන හිතලා තමයි අපි විදුලි සත්කාරය ආරම්භ කළේ. මේ වැඩසටහනට සත්කාරය කියන්නෙත් ඒ නිසාමයි. මේ සඳහා විවිධ වකවානුවල විවිධ උත්සාහයන් දැරුවා. මීට ඉහතදි සමෘද්ධි අධිකාරිය මගින් ණය මුදලක් දුන්නා. ඒකෙන් ලැබුණේ විදුලි සබඳතාවය ලබාගන්න මුදල් විතරයි. නමුත් නිවස වයරින් කරගන්නවත් ආර්ථික ශක්තියක් නැති අය ඉන්නවා. ඒ නිසා තමයි අපි මෙවර නිවාස වයරින් කරගන්න සහ සබඳතාවය ලබාගන්න හැකි පරිදි රු. 40,000ක සහන ණය මුදලක් සපයන්න අපි තීරණය කළේ. මේ ණය ලබාගැනීම සහ ගෙවීම ඉතාමත් සරලයි. ඇපකරුවෝ, ඉඩම් හිමිකාරිත්වය වගේ දැඩි කොන්දේසි නැහැ.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මේ වනවිට විදුලිය නොලැබූ නිවාස 8000 ක් පමණ තිබෙනවා. මේ සියලූ සත්කාරයන්හි නිර්මාතෘ තමයි අපේ අතිගරු ජනාධිපතිතුමන්. එතුමා අතින් මේ 8000 වෙනුවෙන් මේ මස 12 දින විදුලිය ලබාදෙනවා. අපි ඉලක්ක කරලා තිබෙන්නේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති අවසන් නිවසටත් විදුලිය ලබාදෙන්නයි. මාස 03 ක් වැනි කෙටි කලකින් අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නව විදුලි සබඳතා 8000ක් පමණ සපයලා මේ දිස්ත‍්‍රික්කයේ විදුලියනය 100% ක් බවට පත්කරන්න අපට හැකි වුණා” යැයි පැවසිය.