Posted by in Latest News
අපි මේ හදන්නේ ජාතික ආණ්ඩුවක් යටතේ රට දියුණු කරන්නයි. පක්ෂ දේශපාලන රාමුවක කටයුතු කළත්, යහපත් දේ සඳහා පක්ෂ භේදයකින් තොරව අප කැපකිරිම් කළ යුතුයි. ඒ සඳහා අප සියලූ දෙනාම මේ සුවිශේෂී ගමන ඉදිරියට ගෙනයා යුතුයි. අපි 1948 නිදහස ලබලා එතැන් පටන් බෙදුණු දේශපාලනයක් කළ අය. යහපත් දේකටවත් අපි එකතු වුණේ නැහැ. ඒත් දැන් අපි පක්ෂ භේදයකින් තොරව සියලූ දෙනාගේම වගකීමක් හැටියටයි මේ සංවර්ධන ක‍්‍රියාදාමය පෙරට ගෙනයන්නේ. අද අපි එකතුවෙලා සිටින්නේ, ජාතික ආණ්ඩුවක් යටතේ රට ඉදිරියට ගෙනයන සුවිශේෂී ගමනකට” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගිය දා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු කිහිපයක් සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප‍්‍රථිපාදන මත “අයි රෝඞ්” (I Road) ව්‍යාපෘතිය යටතේ මාර්ග දෙකක සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙහිදී අමාත්‍යවරයා විසින් මුල්ගල් තබන ලදී. ඒ අනුව වසර දෙකක කාලසීමාවක් තුළදී දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලිබොඩ – මාගල මාර්ගයේ සහ දැරනියගල රෝහල අසල සිට දික්වැල්ල – දිගන මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකරීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ….,
“යටිතල පහසුකම් සංවර්ධනය අතර මාර්ග සංවර්ධනය ඉතාම වැදගත් අංශයක්. ඒ වගේම අපේ වගකීමක් තියෙනවා මේ දිස්ත‍්‍රික්කයේ මෙන්ම රටේ ජනතාව ගොඩගන්න. ඊළඟට එන්නේ කොට්ඨාශ ඡුන්දය ඒකෙදි සමහරවිට මම දැරනියගල ආසනයෙන් මනාප ඉල්ලන එකක් නැහැ. නමුත් අපිට මහා වගකීමක් තිබෙනවා මේ ආසනයේ ජනතාවගේ ගැටලූ විසඳන්න. ඒ දේට තමයි මේ අපි වෙහෙසෙන්නේ. අපි දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය, රටේ සංවර්ධනය සඳහා යමක් කළා කියලා සතුටු වෙන්නයි මේ කැපකිරීම් සිදුකරන්නේ” යැයි පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම්, අධිකරණ හා බුද්ධශාසන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, එක්සත් ජාතික පක්ෂ පළාත්සභා මන්ත‍්‍රී රංජිත් පොල්ගම්පල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී තුසිතා විජේමාන්න දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් පෙරේරා යන මැති ඇමතිවරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරිය විශාල පිරිසක් සහභාගී