Posted by in Latest News
තම නිවසට මෙතෙක් විදුලිය ලබාගත නොහැකි වූ අඩු ආදායම්ලාභී ජනතාවට සහන පදනම මත තෙමසක් ඇතුළත විදුලිය ලබාදීමේ “රටම එළියයි අදුර දුරලයි” ජාතික විදුලි සත්කාරක සේවය මගින් ජනවාරි මස 31 වනදා වනවිට රටම විදුලියෙන් ස්වයංපෝෂිත කරනවා. ඒ වෙනුවෙන් මේ වන විට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරයි.
සමස්තයක් වශයෙන් ගත් කළ නිවාස ලක්ෂ දෙකකට පමණ තම නිවසට විදුලිය ලබාගැනීමට අවශ්‍යතාවය ඇති නමුත් ආර්ථික දුෂ්කරතා මත විදුලිය ලබාගැනීමට නොහැකි වූ සියලුම පවුල් සදහා 2016 වර්ෂයේ ජනවාරි 31 වනදා වන විට විදුලිය ලබාදීම අවසන් වන බැවින් රටේ සියලුම දෙනාට විදුලි සේවාව ලැබේ. එහි පළමු පියවර වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජනවාරි 12 වනදා වන විට 100% ක් විදුලිය සැපයේ.
සෑම පවුල් ඒකකයක් වෙතම විදුලි සැපයුමක් මෙන්ම කාර්යක්ෂම විදුලි සේවාවක්, අඛණ්ඩ විදුලි සැපයුමක්, විදුලි උත්පාදනයක් හරහා අවසානයේ පාරිභෝගිකයාට වඩා හොද විදුලි සේවයක් සැපයීම සහ ඔවුන් බලාපොරොත්තු වන ප්‍රධාන ප්‍රතිලාභය වන විදුලිබිල අඩුවීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදීම අමාත්‍යාංශයේ අරමුණයි.