Posted by in Latest News
2016 ජනවාරි 31 වන විට දිවයිනටම 100% ක් විදුලිය ලබාදීමේ “රටම එළියයි අදුර දුරලයි” ජාතික විදුලි සත්කාරක සේවාව යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 100% ක් විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහන 2016 වර්ෂයේ ජනවාරි මස දෙවන සතියේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේ පැවති “රටම එළියයි අදුර දුරලයි” ජාතික විදුලි සත්කාරක සේවාවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.
මෙහිදී අදාළ කටයුතු කඩිනමින් ඉටුකරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා 2016 ජනවාරි මස 10 වන දින වන විට මෙම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දැනට ප්‍රායෝගික ගැටලු මතු වී ඇති අංශ සදහා කඩිනම් විසදුම් ලබාගෙන අදාළ කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා, සාමාන්‍යාධිකාරී එන්. සී. වික්‍රමසේකර මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරින් පිරිසක්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.