වසර 25 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක පිරිස් රනින් අගයන්න අද ලෙකෝ ආයතනය කටයුතු කරනවා
06 0

Posted by  in Latest News

ආතනයක ප්‍රගතිය වෙනුවෙන් සේවක තෘප්තිමත්භාවය, ඔවුන්ගේ සේවය අගැයීම ඉතාමත් වැදගත්. අද මේ සිද්ධවෙන්නේ ඒ දේ තමයි වසර 25 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක පිරිස් රනින් අගයන්න අද ලෙකෝ ආයතනය කටයුතු කරනවා. ඒ වගේම සේවක පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇගයීමටත් ලෙකෝ ආයතනය පියවර ගෙන තිබෙනවා. ජනතාව බලාපෙරොත්තු වෙන්නේ කාර්යක්ෂම සේවාවක් සමගම කවදද අපේ බිල අවම වෙන්නේ කියලා දැනගන්නයි. ඒ සදහා අපි දැවැන්ත ව්‍යායාමයක යෙදෙනවා. මේ මහා යටිතල පහසුකම අවම මිලක් යටතේ ලබාදෙන්න ඒ සදහා ලෙකෝ ආයතනයෙන් විශේෂ පිටිවහලක් ලැබේවි. ඒ වෙනුවෙන් අපි ලෙකෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…,

1983 පටන්ගත්ත ලෙකෝ සමාගමේ ජයග්‍රාහී ගමන අද අපි දකිනවා සේවකයන් 1500 ට වැඩි ඒ වගේම පාරිභෝගිකයන් ලක්ෂ පහකට වැඩි ලෙකෝ ආයතනයෙන් ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයන්ට සිදුවන සේවය ඉතාම විශිෂ්ඨයි. 2014 වසරේ මිලියන 1500 කට වැඩි ලාභයක් ලබලා තිබෙනවා. හොද ගමනක් යන ආයතනයක්. කලින් විදුලිය සම්ප්‍රේෂණය බෙදාහරිනු ලැබුවේ පළාත් පාලන ආයතන මගින් නමුත් එය කාර්යක්ෂම නැහැ. ඒ නිසා තමයි මුහුදුබඩ තීරයේ බෙදාහැරීම් කටයුතු ආවරණය වන පරිදි විදුලිය බෙදාහැරීම් වලට මේ ආයතනය පිහිටවනු ලැබුවේ.

විදුලිය කියන්නේ අත්‍යාවශ්‍ය පහසුකමක් විශේෂයෙන්ම එය කාර්යක්ෂම විය යුතුයි. විදුලිය බිදවැටුනොත් එක මොහොතින් නැවත ලබාදිය යුතුයි. ඒවගේම පාරිභෝගික ජනතාවට දුරකතන පණිවිඩයකදී ශුභවාදි කතාබහ තිබිය යුතුයි. ඒ අතින් ලංකා විදුලි පුද්ගලික සමාගම හොද තැනක ඉන්නවා. කාර්යක්ෂමතාව තුළින් ඒ හා බැදුන හොද මානුෂීය රටාවකුත් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙනවා ලෙකෝ ආයතනය යුගයට සරිලන පරිදි පවත්වාගෙන යනවා. ඒ නිසා පැමිණිළි අඩුයි.

ලෙකෝ ආයතනය පුද්ගලික ආයතනයක් කිව්වම බොහෝ අය කලබල වුණා. අපි පුංචි දේකටත් කලබල වෙන ජාතියක්. නමුත් මේ ආයතනය පුද්ගලික සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ නිසයි පුද්ගලික කිව්වේ. අද මේ ආයතනය මගින් සිදුවන සේවය දැක්කම එදා කලබල වුණේ නිරපරාදේ කියලා දැනෙනවා. ඒ වගේම තමයි මෙවර අයවැය පිළිබදව සමහර පිරිස් දක්වන අදහස් ඔවුන් නිකරුනේ කලබල වෙලා. අවශ්‍යම දේ තමයි හොද අවබෝධය. පාර්ලිමේන්තු විවාද පවත්වන්නෙත් ජනතාවට අවබෝධයක් ලබාදෙන්න. නමුත් අපේ පාර්ලිමේන්තුවේ විවාද සිද්ධවෙන්නේ ඒකපාර්ශිකව.

නියෝජ්‍ය අමාත්‍යතුමත් මමත් පක්ෂ දෙකකින් සම්බන්ධ වුවත් අපි දෙදෙනාගේ අදහස් බොහෝ දුරට සමානයි. අද නුපුහුණු සේවිකාවන් විදෙස්ගතවීම ඉමහත් ගැටලූවක්. මේ සදහා අපි එකතුවෙලා මහා සංවාදයක් ආරම්භ කළ යුතුයි” යැයි පැවසීය.

මෙම අවස්ථාව සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශකත්ති නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා, සාමාන්‍යාධිකාරී එන්.සී.වික්‍ර‍සිංහ මහතා, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරීතුමා, ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු පළමු සභාපතිතුමා සහ සාමාන්‍යාධීකාරීතුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වි සිටියහ.