අපේ රටේ ආයතන වලට සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සුදුසුකම් සෙවීමකින් තොරව සිදුවූ කාලයක් තිබුණා
24 0

Posted by  in Latest News

දේශපාලනාධිකාරිය විසින් නම් කළත්, ආයතනයක සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේදී සුදුසුකම් පරීක්ෂා කිරීමට විශේෂ කමිටුවක්

අපේ රටේ සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සුදුසුකම් සෙවීමකින් තොරව සිදුවූ කාලයක් තිබුණා. නමුත් දැන් එසේ නම් කිරීමකින් පමණක් නෙමෙයි පත්වෙන්නේ. දේශපාලනාධිකාරිය විසින් නම් කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔහු එම තනතුර සඳහා සුදුසුකම් සපුරා තිබිය යුතුයි. විශේෂ කමිටුවකින් ඒ පිළිබඳ සොයා බලනවා. තෝරාබේරා ගැනීමකින් තමයි එවැනි පත්කිරීම් සිදුකරන්නේ. එවැනි තෝරාබේරා ගැනීමකින් ලංකා විදුලි පුද්ගලික සමාගමට සභාපතිවරයෙක් පත්කිරීම පිළිබඳව මම සතුටු වෙනවා, යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නව සභාපති වශයෙන්, සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ලාල් ගුණසේකර මහතා පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …
,ඔබතුමන්ලා ඉතා හොඳ ගමනක් ඇවිත් තිබෙනවා. ඉදිරියටත් එම ගමන සාමුහිකව, වේගවත්ව මෙන්ම සාර්ථකව යායුතුයි. ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප‍්‍රධාන අරමුණ වන්නේ කාර්යක්ෂම සේවයක් සැපයීමයි. මේ වනවිට 98‍්‍ර ක් විදුලිය සපයලා තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ විදුලිය බිඳවැටීම් අවම වෙලා පැය 24ම අකණ්ඩව ගුණාත්මකව විදුලිය සැපයීමයි. මේ සඳහා සාමුහික එකමුතුවක් ඇතිකර ගතයුතුයි. විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති අයතන සියල්ලක්ම එකිනෙකාට නොදෙවෙනි වගකීම් රාශියක් දරනවා. මේ සියලූම ආයතන එකම අරමුණක් වෙත යන නිසා සාමූහිකත්වයක්, අන්‍යෝනය එකමුතුවක් ඇතිකර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ලංකාවේ ඉතාම ජනාකිර්ණ ප‍්‍රදේශ වලට විදුලිය සැපයීමේ වගකීම මේ වනවිට ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් දරනවා. තවදුරටත් සියලූ දෙනාගේම සහයෝගය ඇතිව නව නිර්මාණ පිළිබඳවත් අවධානය යොමු කරමින් ලෙකෝ ආයතනයට වඩාත් සාර්ථකව, කාර්යක්ෂමව ඉදිරි ගමනක් යාමට හැකිවේවායි පතනවා, යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංවිම සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එන්.සී. වික‍්‍රමසේකර අමාත්‍ය උපදේශක ඩබ්.බී.ගනේගල යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.