Posted by in Latest News
තෙමසක් තුළ අයථා විදුලි පරිහරණ සිද්ධීන් හාරසිය පහක්
ඇමති නියමයෙන් ලං.වි.ම. සෝදිසි මෙහෙයුමි අඛණ්ඩව
ලංකා විදුලිබල මණ්ඩලය ශ‍්‍රී ලංකාවේ සේවා සපයන කාර්යක්ෂම සහ ගුණාත්මක ආයතන අතර ප‍්‍රමුඛ ආයතනය බවට පත්කිරීම සඳහා ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගෙනයන ක‍්‍රියාපිළිවෙලට සමගාමීව ලං.වි.ම. මගින් දීපව්‍යාප්තව සිදුකරනු ලබන වංචා සහගත විදුලි පරිහරණයන් නීතියේ රැුහැනට හසුකර ගැනීම ෙමි වනවිට ඉතාමත් සාර්ථක තත්ත්වයේ පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන පසුගිය තෙමස තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීමි අංශය මගින් දීපව්‍යාප්තව සිදුකළ වැටලීමී මගින් අයථා ලෙස විදුලිය පරිහරණය කළ සිද්ධීන් 405ක් හඳුනාගෙන ඇති අතර, අදාල සිද්ධීන් තුළින් උසාවි දඩය ලෙස මිලියන දෙකහමාරකට අධික මුදලක් (රු.2,848,000) වන අතර මුළු ආදායම රු.තිස්අට ලක්ෂ තුන්සිය අනූඅට දහස් තුන්සිය අනූවයි ශත පනස් හතරක් (රු.38,398,390.54) ලෙස ගණන් බලා ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට සේවා සපයන ආයතන අතරින් වඩාත් කාර්යක්ෂම ආයතනයක් බවට පත්කිරීම තම අමාත්‍ය ධූරයේ මූලික වගකීමක් ලෙස පවසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ සදහා ආයතනය තුළ සහ ඉන් පරිබාහිරව විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍ර‍්‍රියාවට නංවා ඇත.
විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම, කොකු භාවිතය ආදී අයථා ක‍්‍රම මගින් විදුලිය ලබාගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙවැනි නීති විරෝධී ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලැබියයුතු ආදායමි වළක්වන පිරිස් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා දීපව්‍යාප්තව සිදුකෙරන වැටලීමි තර කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් දී ඇත. ගෘහස්ථ, කර්මාන්ත හා වාණිජ අංශවල පාරිභෝගිකයන් විසින් සිදුකරන විදුලි මීටර් වංචා පිළිබඳව තොරතුරු ඇත්නමි දුරකතන අංක 1987 හෝ 011 2422259 මගින් ලං.වි.ම. විශේෂ වැටලීමි ඒකකයට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, එම කාර්යය ජාතික කාර්යභාරයක් සේ සලකන ලෙසද දන්වා සිටී.