Posted by in Latest News
2016.01.01 දින සිට නව බලපත‍්‍රයක්.
“විකිරණ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ‍්‍රීලංකාවාසීන් විශාල ගැටළු ගණනාවකට මුහුණදී තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කරලා. විකිරණ වලින් සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් ලබන වසරේ ජනවාරි මස සිට පරමාණුක බලශක්ති අධිකාරිය මගින් නව බලපත‍්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නවා. ඒ වගේම විකිරණ පනත උල්ලංඝණය කරන්නන් වෙනුවෙන් දැඩි දඩුවම් ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා පරමානුක බලශක්ති අධිකාරියේ සහ පරමාණුක බලශක්ති නියාමන කොමිසන් සභාවේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ……
“මේ වනවිට රට තුළ ක‍්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි 01 දා සම්මත කරගත් විකිරණ පනත. නමුත් මේ පනත ක‍්‍රියාත්මක වුවත් මේ වනවිටත් රට තුළ විකිරණ සම්බන්ධයෙන් පවතින්නේ අහිතකර වාතාවරණයක්. මේ නිසා ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය, කිරිපිට ඇතුලූ වෙනත් ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවට ලක් කිරිමට පියවර ගන්නවා. ඒ තුළින් අනාගත ශ‍්‍රී ලංකාව විකිරණ වලින් තොර කලාපයක් බවට පත්කිරීමට පරමාණුක බලශක්ති අධිකාරිය සහ පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් කටයුතු කරනවා” යැයි පැවසිය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.