Posted by in Latest News
Infotel 2015 දෙවැනි දින ප්‍රදර්ශනය විවෘත කරමින් ඇමති සියඹලාපිටිය කියයි.
Infotel 2015 දෙවැනි දින ප්‍රදර්ශනය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා අතින් විවෘත විය. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෝකයේම ඇගයීමට භාජනය වී ඇති බවත් ඒ සදහා ලොව හොදම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය සදහා වන බිල් සහ මිලින්ඩා ගේට්ස් (Bill & Melinda Gates Award) සම්මානය 2014 වර්ෂයේදී අපට හිමි කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
අද අපගේ පාසල් පද්ධතිය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මනාව දරුවන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසාවෙන් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. අද එය 40%ට ආසන්නයි. රටේ සංවර්ධනයට සහ අනාගත ගමන් මග වඩාත් හයපත් කිරීමට මෙම තත්වයන් බොහෝ දුරට උපකාරී වෙනවා. ඒ වගේම තාක්ෂණය නිසි කළමනාකරණයක් යටතේ පාවිච්චි කළ යුතු යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාද එක් විය.