විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2015 නොවැම්බර් 23 දින ප.ව 5.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී…
19 0

Posted by  in News

ශ්‍රී ලංකාවේ අපනයන අදායමෙන් 40% ක් ඉන්ධන ආනයනය සදහා වැය වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති “විදුල්කා 2015 බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල” පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා…,
අපි අනාගත බලශක්ති සංරක්ෂණ නිසි ක්‍රමවේදයකට කළ යුතුයි. ඒ සදහා සුවිශාල දායකත්වයක් විදුල්කා වැඩසටහන හරහා ඉටුවෙනවා. බලශක්තිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සදහා දායකත්වය ලබාදුන් අංශ 15 ක් යටතේ මෙම සම්මාන අතිගරු ජනාධිපතිතුමා අතින් පිරිනැමීම සිදුවෙනවා. මෙමගින් බලාපොරොත්තු වන්නේ බලශක්ති සංරක්ෂණය කාර්යක්ෂමව ඉටුකිරීම සදහා දායකත්වය ලබා දෙන ප්‍රජාව දිරිමත් කිරීමයි.

විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් තුළින් 2013 හා 2014 වර්ෂවල විදුලිබලය ගිගාවොට් පැය 06 ක්, ඩීසල් ලීටර් මිලියන 11 ක්, දැවි තෙල් ලීටර මිලියන 08 ක්, දර කිලෝ ග්‍රෑම් මිලියන 02 ක්, ඉතිරිකර දීමට සමත් වී තිබෙනවා. ඒ වගේම 2014-2015 වර්ෂවල මේ වන විට ඉතිරි කළ විදුලිබලය ගිගාවොට් පැය 09 දක්වාත්, දැවි තෙල් ලීටර මිලියන 02 දක්වාත්, දර කිලෝ ග්‍රෑම් මිලියන 09 දක්වාත් වර්ධනය කර ගැනීමට දායකත්වය ලබාදීමට හැකියාව ලැබී ඇත.

මේ අනුව ඉදිරි දශකය තුළ බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා අපට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.