Posted by in News
රටම එළියයි – අදුරු දුරලයි” ජාතික විදුලි සත්කාරය මගින් අපි සූදානම් රටම විදුලියෙන් තෘප්තිමත් කරන්න. මෙහි පළමු පියවර පොළොන්නරුවෙන් ආරම්භ කරනවා. ඒ අනුව ලබන ජනවාරි මස 15 වෙනිදා වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදුලියනය 100% ක් බවට පත්කරනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා…,
“දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛණ අනුව ගෙවල් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට විදුලිය ලබා දෙන්න තිබෙනවා. ඒ සදහා එක් නිවසකට රුපියල් 40,000.00 ක ණය මුදලක් ලබා දීලා ඉතාමත් සහන පොළී පදනමකට අවුරුදු 06 ක කාල සීමාවකින් විදුලි බිල්පතට එකතු කර පාරිභෝගිකයාට නොදැනෙන ආකාරයට පහසුවෙන් අය කර ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. දැනට ලැබී තිබෙන වාර්තා අනුව මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අයදුම්පත් 7410 ක් ලබා දී තිබෙනවා. ලබන ජනවාරි 15 වෙනිදා වන විට මෙම විදුලිය ලබාදීමේ කාර්යය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩු පිළිබදවත් දෛනික අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට සැපයිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදවත් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශකත්ති අමාත්‍යාශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිතුමා, ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරු මැද පළාත් අතිරේක සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු පළාත් දේශපාලන අධිකාරිය සහ පොළොන්නරුව දිස්ත්‍රිකයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වි සිටියහ.