අවසාන මධ්‍ය පරිමාණ ජලවිදුලි ව්‍යාපෘතිය දෙහිඕවිටදී
15 0

Posted by  in News

යෝජිත විදුලි බලාගාරය දෙහිඹ්විට ප‍්‍රදේශයේ ඉදි කෙරේ
ඉදිකිරීම් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 60ක්.

ශ‍්‍රී ලංකාව තුළ විදුලිබල උත්පාදනය සඳහා මිල අවම ලාභදායිම උත්පාදන මූලාශ‍්‍රය වන්නේ ජලයයි. නමුත් මේ වනවිට රට තුළ තිබෙන විශාල ජල මූලාශ‍්‍ර සියල්ලක්ම වාගේ විදුලිබල උත්පාදනය සඳහා යොදාගෙන තියෙන්නේ. ශ‍්‍රී ලංකාවේ අවසාන මධ්‍ය පරිමාණ ජලවිදුලි බලාගාරය දෙහිඹ්විට ප‍්‍රදේශයේ ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. පරිසරය සම්පූර්ණයෙන්ම ආරක්ෂාවන පරිදි රටේ ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 20ක ධාරිතාවයක් ලබාදීමයි අපේ අරමුණ, යැයි විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත සීතාවක ගඟ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත භූමිය පරීක්ෂා කිරීම සඳහා පැවති නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
දෙහිඹ්විට ප‍්‍රදේශය මූලික කරගනිමින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙමගින් මෙගාවොට් 20ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කෙරේ. හිඟුරලකන්ද දඹකොටුව ප‍්‍රදේශයේදී සීතාවක ගඟ හරහා මිටර් 42 ක පමණ උසකින් යුත් වේල්ලක් ඉදිකෙරේ. එම වේල්ලේ සිට මීටර් 1470 ක් පහළින් විදුලි බලාගාරය ඉදිකෙරෙන අතර ව්‍යාපෘතියට සමගාමීව ප‍්‍රදේශයේ යටිතල පහසුම් දියුණූ කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ සීතාවක ගඟ හරහා දන්ගම්පල හිගුරලකන්ද යන ගම් යාකරමින් මීටර් 27 ක දිගින් යුත් පාලමක් ඉදිකෙරෙන අතර ප‍්‍රදේශයේ මාර්ග පද්ධතියද සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීමට යෝජිතය. එමෙන්ම මෙම ප‍්‍රදේශයට දැනට බලපා තිබෙන ස්වභාවික ආපදා තත්ත්වයන්ද යථා තත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …
,ශ‍්‍රී ලංකාවේ සෑම නිවසකටම අඛණ්ඩව එමේනම් ගුණාත්මකව අවම පිරිවැයක් යටතේ විදුලිය ලබාදීම අරමුණු කරගනිමින් සීතාවක ඟග විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපි සැලසුම් කලා. මෙමගින් මෙගාවොට් 20 ක විදුලිබල උත්පදනයක් සිදුකිරීමයි අපි අරමුණ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක පිරිවැයක් දරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ප‍්‍රධාන අරමුණ ජලවිදුලි උත්පාදනය වුවත්, මෙමගින් ප‍්‍රදේශයේ දිුණුවටත් හේතු ගණනාවක් සිදුවෙනවා. දංගම්පල හා හිගුරලකන්ද යා කරන පාලම කාලයක් මේ ප‍්‍රදේශවාසීන්ගේ සිතේ තිබුන හීනයක්. මේ ව්‍යාපෘතිය සමග එම හීනය සැබෑ කරන්න අපි සූදානම්. ඒ වගේම මෙම ගඟ ඉහල ගලක් පෙරලීම තුළින් ප‍්‍රදේශවාසීන්ගේ ඉඩම් ගණනාවක් ජලයට යටවෙලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් එම ප‍්‍රදේශවාසීන් මුහුණ දුන්න ගැටළුවටත් විසඳුම් ලබාදෙනවා, යැයි පැවසීය.

ශ‍්‍රි ලංකාවේ දැනට ක‍්‍රියාත්මකවන බලශක්ති ප‍්‍රතිපත්තිය අනුව දෛනිකව වර්ධනය වන විදුලිබල ඉල්ලූම හමුවේ ජනතාවට බරක් නොවන පරිදි විදුලිබලය ලබාදීමට නම් උත්පාදන පිරිවැය අවම මට්ටමක පවත්වාගත යුතුය. ඒ සඳහා වඩාත්ම යෝග්‍ය මූලාශ‍්‍රය ජලය වේ. නමුත් මේ වනවිට ශ‍්‍රී ලංකාව තුල ඇති ජල මූලාශ‍්‍රයන් සියල්ලක්ම පාහේ විදුලිබල උත්පාදනය සඳහා යොදාගෙන අවසන්ය. පරිසර හානිය ඉතාමත් අවම මට්ටමක පවත්වාගනිමින් ඉදිකිරීමට යෝජිත සීතාවක ගඟ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ප‍්‍රාදේශීය අනුමැතිය සහ පාරිසරික අනුමැතියද ලැබී තිබේ. මෙම ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම තුළින් ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය සිදුවනවා මෙන්ම ජනතාවට සෘජු සහ වක‍්‍ර රැුකියා අවස්ථා රාශියක්ද බිහිවෙතැයි අපේක්ෂා කෙරේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා ඇතුළු විදුලිබල අමාතයාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.