Posted by in Latest News
අද වන විට ලොකයේ තිබෙන මූලික ආර්ථික ප්‍රශ්ණ දෙකක් වන්නේ බිලියන 7ක ජනගහනයෙන් බහුතරය දරිද්‍රතාවයේ අන්තයේ සිටිමත් 50%ක් අධ්‍යපනයට හිමි නොවීමත්ය. මෙම ප්‍රධාන ගැටළු දෙකට තරුණයාට කළ හැක්කේ කුමක් දැයි සලකා බැලිය යුතුබවත්, එක් අයෙකු තවත් 5 දෙනෙකුට සාක්ෂරතාව ලබාදීමට කටයුතු කළහොත් ඉන් ලෝකයට ඇති කළ හැකි බලපෑම කොතෙක්ද යන්න සිතිය යුතු බව, ශ්‍රේෂ්ඨ විද්වතෙකුවන ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ප්‍රකාශ කළේය.
කලාම් මහතා විසින් මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ “දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය” ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන අරාධිතයා වශයෙන් අද (26) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ශ්‍රවණාගාරයේදී පාසල් දරුවන් අමතා කළ “ දැල්වුණු උද්යෝගීමත් මනසකින් යුත් තාරුණ්‍ය සඳහා ඇති අභියෝග” යන මැයෙන් සිදු කළ විශේෂ දේශණයට එක් වෙමිණි.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය අබ්දුල් කලාම් මහතා……..
“මේ සුන්දර නගරයේදී ශ්‍රී ලංකාවේ තරුණයෙන් සමග සිට මම කල්පනා කරන්නේ, මා ඔබට කෙසේ ඔබට ඇමතිය යුතුද යන්නයි.
මේ අවුරුදු 83 තුළ මා ලද අද්දැකීම් තුළින් ඔබට ලබා දිය හැකි පණිවිඩය නම් අවුරුදු 17 වන විට මට ලැබුණ හොදම මිතුරන් ගැන තරුණයාට කියා දීමයි.ඒ ගුණාත්මක බවින් පිරිපුන් සාදාචාරාත්මක තාරුණ්‍යක් ඇති කර ගැනීමට මව, පියා, ගුරුවරයා මෙන්ම යහපත් පොත පත ඇසුරු කිරීමද වැදගත් වෙනවා.දැල්වුණු උද්යෝගිමත් මනසකින් යුතු තාරුණ්‍ය තමයි මේ ධරණි තලය තුළ තිබෙනා වටිනාම සම්පත වන්නේ”
මෙම අවස්තාවට සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා,අමාත්‍යංශ ලේකම් බටගොඩ මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්,හේරත් මහතා සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ප්‍රභාත් ගල්හේන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.