Posted by in Latest News
බලශක්ති සංරක්ෂණය පිළිබදව ශ්‍රී ලංකාව මේ වනවිට ගෙන ඇති පියවරයන් ඉතා ඕනෑකමින් අගයන බව ඉන්දීය හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල නිවසේදී අද උදෑසන පැවති හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.
දැනම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සදහා වූ වර්ථමානයේ පවතින අභියෝග පිළිබදව, අබ්දුල් කලාම් මහතා සමග මෙම අවස්ථාවට සම්බන්ධවූ පිරිස අදහස් හුවමාරු කරගැනීමක් සිදුවිය. එසේම ඉන්දීය හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත්වීම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවසට අදාළ ගෙවත්තෙහි ආචාර්ය අබ්දුල් කලාම් මහතා විසින් රත්හඳුන් ශාකයක් රෝපණය කළ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් ආචාර්ය අබ්දුල් කලාම් මහතාට සමරු තිළිණයක් ලබා දීමද සිදු විය.
මේ අවස්ථාව සදහා ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සොභිත හිමි,අමරපුර ධර්ම රක්ෂිත මාහා නිකායේ අනුනායක ත්‍රීකුණාමලයේ ආනන්ද හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, බස්නාහිර පළාත් සභාමන්ත්රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා, පළාත් සභා මන්ත්රීනී නිරෝෂා අතුකෝරල මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.