දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සදහා වූ බලශක්ති ප්‍රවේශය”  ජාත්‍යන්තර සමුළුව 26 හා 27 දින වලදී
23 0

Posted by  in Latest News

ප්‍රවාහනයට විදුලි දුම්රියක් ළගදීම

· ප්‍රධාන දේශනය ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කාලාම් මැතිතුමා විසින්.

ප්‍රායෝගික පරීක්ෂණ නොමැතිව රටක් ඉදිරියට යා නොහැකි බවත් එම ප්‍රායෝගික පරිකෂණ වල එක් පියවරක් ලෙස විදුලි දුම්රිය රටතුළ ඇති කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ පැවති “දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සදහා වූ බලශක්ති ප්‍රවේශය” ජාත්‍යන්තර සමුළුව පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ විදුලි දුම්රියක් පිළිබද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අවධානය යොමු කර යෝජනවක් ඉදිරිපත් කර ඇති බවත් එය දේශීය ඉංජිනේරුවන් මගින් ප්‍රවාහන අමාත්‍යංශය හා බලශත්ති අමාත්‍යංශය එකතු වී ක්‍රියාත්මක කරන බවයි.

දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා යාමේදී බලශක්ති ක්ෂෙත්‍රෙය් අභියෝග හා ප්‍රවේශයන් පිළිබද සකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කරන ජාත්‍යන්තර සමුළුවේ ආරම්භක සැසියේ දේශනය පවත්වන්නේ ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා විසිනි.එම සැසි වාරය මෙම මස 26 වන දින ප.ව. 6.00ට කොළඹ හිල්ටන් හෝටයේදී පැවැත්වේ.එදින උදෑසන 11.30ට පමණ තෝරාගත් පාසල් දරුවන් 1500 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් අනාගත විද්‍යාත්මක ලෝකය ගොඩනැගීම යන තේමාව යටතේ දේශණයක් පවත්වනු ලබයි.

තාක්ෂණික සැසිය මෙම මස 27 වන දින පෙ.ව 8.30 සිට ප.ව. 5.30 දක්වා මූල්‍ය අධ්‍යන කේනද්‍රය( මිලෝදා ආයතනය ) හිදි පැවැත්වේ. එහිදී ජර්මනියේ ව්‍යවහාරික විද්‍ය විශ්ව විද්‍යලයේ මහාචාර්ය පිටර් හෙක් සහ මැලේෂියාවේ බහුමාධ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරවනන් මුත්තයියා වැනි විද්වතුන් සිය අද්දැකීම් ආශ්‍රෙයන් දේශන පැවැත්වීමට නියමිතයි.