සීශෙල්ස් රාජ්‍යයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට ශ‍්‍රී ලංකාවේ සහාය
16 0

Posted by  in Latest News

බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් වශයෙන් ශ‍්‍රී ලංකාව මේ වනවිට මිල අවම පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට යොමුවී, ඒ තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන ඇති අතර, තම රාජ්‍යයද පුර්ජනනිය බලශක්ති ප‍්‍රභවයන් කෙරෙහි යොමුවීමට අදහස් කරන බවත්, ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයේ සහාය අපේක්ෂා කරන බවත්, සීශෙල් රාජ්‍යයෙහි තානාපති වැවන් විලියම් මහතා ( His. Excellency the Ambassador Waven William) පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග පැවති නිල සාකච්ජාවකදීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා පැවසුවේ, 2015 වසර අවසන් වනවිට ශ‍්‍රි ලංකාවේ විදුලියනය 100‍% කිරීමට අදහස් කර ඇති බවත්, දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් සාම්ප‍්‍රදායික බලශක්ති ප‍්‍රභවයන්යන් වෙනුවට මිල අවම පුනර්ජනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවූ බවත්ය.

එසේම දෙරට අතර දීර්ඝකාලීනව පවතින ද්වීපාර්වික රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරමින්, සීශෙල්ස් රාජ්‍ය තුළද බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් විකල්ප බලශක්ති ප‍්‍රභවයන් ව්‍යාප්ත කරලීමට, ශ‍්‍රී ලංකා රජයේ පූර්ණ සහාය ලබාදෙන බවද, අමාත්‍ය රණවක මහතා අවධාරණය කළේය.