ඔක්තෝබර් මස සිට නව විදුලි අය ක්‍රමයක්
15 0

Posted by  in Latest News

ලබන ඔක්තොබර් මස සිට නව විදුලි අය ක්‍රමයක් ඇති කරන බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බොරැල්ල උපාධීධාරී කාන්තා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා,

“විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉලක්කයක්ව තිබුණේ විසිහතර පැයේම විදුලිය ලබාදීමේ අභියෝගය ජය ගැනීමයි. මේ වන විට එය සාර්ථක කරගෙන තිබෙනවා. විදුලි කප්පාදුව පිළිබදව කිසිදු අදහසක් නැහැ. පසුගිය පාලන සමයේ ඩිසල් බලාගාර වලින් ඒකකයක් රුපියල් 30ක් වැනි මුදලක් වැය කොට ලබාගත් විදුලි ඒකක වෙනුවට රුපියල් 17කට විදුලි ඒකකයක් ලබාගැනීමට උතුරු ජනනි බලාගාරයෙන් හැකි වී තිබෙනවා.

40% ක් රටපුරා බෙදාහරිණු ලැබු විදුලිය අද වන විට 98% මට්ටම තෙක් පැමිණ තිබෙනවා. මේ වන විට රටේ ජනගහණයෙන් 64000 පමණ ප්‍රමාණයක් තමන්ට අයිති නැති නිවාස වල ජීවත් වනවා. එවැනි සමාජ ප්‍රශ්ණ තිබුණද ඔක්තෝබර මස සිට අරඹණ නව විදුලි ක්‍රමය මගින් සෑම දෙනාටම විදුලිය ලබා දීමට කටයුතු කරනවා.

අද වන විට විදුලිබල මණ්ඩලය මූල්‍යමය ලෙස ස්වාධීනත්වයට පත්ව තිබෙනවා. මේ වන විට සාර්ථක ලෙස ලාභ ඉපැයීමක් සිදුකර තිබෙනවා. පසුගිය පාලන සමයේ වසරකට මිලියන 3600ත් ලබා දී ඩීසල් බලාගාර පවත්වාගෙන ගියා. මෙවැනි අතිවිශාල මුදල් පරිහරණය නිසා ඒ සමගම සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් බිහි වුණා. ඒ නිසා දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් නොවන ස්වාධීන වෘත්තීය සමිතියක් ලංකා විදුලි බලමණ්ඩලයට අවශ්‍යව තිබුණා.

මේ වසරේ සිට ඉන්ධන සදහා මුලිකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙල්, ගල් අගුරු, ගෑස් විදේශ රටවලින් ගෙන්වන්නේ. එයට ලබන මස සිට ටෙන්ඩර් කැදවනවා. මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත උකහා ගෙන ලංකාවේ භාවිතයට ගැනීමට උත්සහ කරනවා.
හෙටක් වෙනුවෙන් රටක් නම් වන වැඩසටහන මගින් ඉන්ධන වලින් 10% කුත් විදුලි බලයෙන් 10% කුත් ඉතිරි කරමින් සාර්ථකව අනාගතයේදී සේවාව සැළසීමට කටයුතු කරනවා. මේ තත්ත්වය තුළ කුමණ ආණ්ඩුවක් පත් වුවද ජාවාරම් කරුවන්ට එහි කටයුතු කිරිමට එහි ඉඩක් නැහැ” යි අවධාණය කළේය.

මෙහිදී ‍ලංකා විදුලිබල මණ්ඩල විදුලි පොදු සේවක සංගමයේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු විය. මෙම අවස්ථාව සදහා විදුලි බලමණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක නරේන්ද්‍ර ගුණතිලක මහතා සහ විදුලි පොදු සේවක සංගමයේ සභාපති, ලේකම් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.