ශ්‍රී ලංකාව පෙරට වඩා 23 ගුණයකින් විශාල වෙලා
08 0

Posted by  in Latest News

ශ්‍රී ලංකාවේ වැදගත්ම අමාත්‍යාංශය අන් කවරක්වත් නොව ඒ පරිසර අමාත්‍යංශය බව අදට (08) යෙදී තිඛෙන ලෝක සාගර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශකර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා

අපේ සාගරයේ තෙල් හා ගෑස් තිඛෙන බවට 70 දශකයේ සිටම විශාල උද්යෝගයක් රට තුල මතු වුණා. 1997 සිට විවිධ උත්සාහයන් දරලා අවසාන වශයෙන් මන්නාරම් ද්‍රෝණියේ ගවේශනය සිදු කරලා එම පර්යේෂණ ආශ්‍රයෙන් මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සහ තෙල් තිඛෙන බවට සොයා ගෙන තිඛෙනවා.

අපි තීරණය කරලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් සහ ඒ ආශ්‍රිත ඉන්ධන වලින් ධාවනය වන බලාගාර සියල්ලම ගෑස් සම්පතට පරිවර්තනය කරන්න. ඒ අනුව මන්නාරමේ ගෑස් කෙරවලිපිටියට ගෙන ඒම අපේ පළමු ඉලක්කය ඊළගට කොළඹ නගරයට අවශ්‍ය ගෑස් ප්‍රවාහනය හා විදුලිය නිපදවීමත් පළමු පියවරේදී අපේක්ෂා කරනවා. දෙවන අදියරේදි විදේශ වලට මෙම ඉන්ධන අපනයනය කරනවා ඒ සදහා අති බලගතු ජාතික තෙල් සංගමයක් සෑදීමට නීති ප්‍රතිපාදන සකස් කරගෙන යනවාග ඒ සදහා ඔක්තෝබර් මාසය වන විට අන්තර්ජාතික වශයෙන් කැදවීම් කරනවා.
පසුගිය සමයේ කළයුතු ඇතැම් වියදම් කළයුතු ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් සිදුකළ නිසා අප රට ණය කන්දකට හිර වෙලා තියෙන්නේ. එහි බර අපේ දරුවන්ගෙ හිස මත පටවල තියෙන්නේ. මේ රට ඉදිරියට ගෙනියන්න සිදු වෙලා තියෙන්නෙ හැමදාම නිකුත්කරන බැදුම්කර වලින්. අපි අතිවිශාල වශයෙන් විදේශ වලට ණයගැති වී සිටින නිසා මේ මහා ණයගැති බැවින් මිදෙන්න නම් අපට දැඩි ආර්ථීක කළමාණාකරණයකට යන්න ඕනි. එසේ නැත්නම් කවර හෝ සම්පතක් ලැඛෙන්න ඕනි ඒ සම්පත මගින් මේ රට මුදා ගන්න. අදටත් ඒකට එකම විසදුම සයුරේ තිඛෙන තෙල් සහ ගෑස් ලබා ගැනිමයි. නමුත් මේවා ලැබුණා කියලම රටකට දියුණු වෙන්න බැහැ ඒ සදහා නිසි පරිදි කටයුතු කරන්න ඕනි. නෝර්වේ රට දියුණු වුණෙත් නයිජීරියාව තව තවත් දිළිදු වුණෙත් තෙල් සම්පත නිසයි. ඒ නිසා මේ සම්පත සමාජීය වශයෙනුත් පාරිසරික වශයෙනුත් ඉතාම මැනවින් පරිහරණය කරන්න සිදු වෙනවා. ඒ අනුව සාගරික පරිසර සම්පතට හානියක් නොවන පරිදි තෙල් සහ ගෑස් සම්පත් ලබා ගන්න අපි කටයුුතු කරන්න ඕන.

2008 වසරේ අපට විශාල ඉලක්කයක් තිබුණා ශ්‍රී ලාංකාව් නිශ්චිත සාගර සීමාවන් ලකුණු කරන්න. ජාත්‍යන්තර සාගර නීතියට අනුව රොන්මඩ තිඛෙන ප්‍රදේශය රටට අයත් වන ලෙසට සැළකීමේදී දැන් අපේ රටත් ඉන්දියාවෙන් 1/3 ක ප්‍රමාණයක් තරම් විශාල රටක් බවට පත්ව තිඛෙනවා. එය නිවැරදිව සැලකුවහොත් අප රට දැනට පවතිනවාට වඩා 23 ගුණයකින් විශාල වූ රටක් ලෙස අපේ දරුවන්ට හිමි වෙනවා මෙය අපට විශාල සම්පත් කන්දක් සමග අයිති වෙනවා. යැයි පැවසීය.

මෙම අවස්ාවට පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, සාගර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්ත මහතා ඇතුළු සාගර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ ඉහළ නිලධාරීන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.