පරිසර හිතකාමී සෑම ප්‍රවාහන මාධ්‍යක්ම ප්‍රචලිත කිරීමට පියවර
07 0

Posted by  in Latest News

• බයිසිකලය දුප්පතාගේ ප්‍රවාහනය නොවේ. නවීන ප්‍රවාහනයයි.

• බෝ නොවන රෝග පාලනයටල නිරෝගී දිවි පෙවතකට බයිසිකල් පැදීම හිතකරයි.

• පවුලේ, රටේ ආර්ථීකය සේම විදේශ විනිමයටද ඍජු බලපැම්.

අනාගතය වෙනුවෙන් තෙල් හා විදුලිය ඉතිරු කිරීමේ අරමුණින් මැයි මස 16 වනදා ආරම්භ කළ ,හෙටක් වෙනුවෙන් රටක්, ජාතික බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ තවත් ප්‍රමුඛ අදියරක් අද උදෑසන 7.00 ට ජයවර්ධනපුර කිඹුලාවල හන්දියේදී ආරම්භ කෙරිණ. සමස්ථ ලංකා පාපැදි සංගමයත්, ඒ. එම්. සුමනවීරල ඇන්තනී සිමන්ස් වැනි රටේ නම ගිය පාපැදිකරුවන්, ත්‍රිවිධ හමුදා පාපැදි කණ්ඩායම් නියෝජිතයන් ප්‍රමුඛ 600 ක් පාපැදිකරුවන් අමාත්‍ය චම්පික රණවක මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම්තුමන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ නිලධාරීන් පෙරටුකර ගනිමින් ප්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරග ඉසව්වක් පැවැත්විණ. මෙම පාපැදි ධාවනය පාර්ලිමේන්තු වටරවුම පසුකර රාජගිරිය හරහා කාසල් වීදිය, කනත්ත වටරවුම පසුකර බෞද්ධාලෝක මාවතේ මලලසේකර මාවත විදුලි සංඥා අසලින් දකුණට හැරී නිදහස් චතුරස්‍රයට ප්‍රවේශ විය.

මෙහි මූලික අපේක්ෂාව කෙටිදුර ගමන් සදහා බලශක්ති කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් ලෙසත් නවීන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසත් පාපැදිය ප්‍රචලිත කොට ඉන්ධන භාවිතය අවම කිරීමයි. රිසි සේ පැද යා හැකි නිදහස් වාහනයක් වන බයිසිකලය කලූ දුම නැතිල විෂ වායු නොමැති හරිත වාහනයක්ද වේ. පාපැදිය භාවිතයේ අතීත කියවීම දුප්පතාගේ ප්‍රවාහන මාධ්‍යයක් වුවත් අද එය එසේ නොවන බව ඇමති චම්පික රණවක පෙන්වා දෙයි. පිළිකා, හෘදයාබාධ මෙන්ම ශරීරයේ අනවශ්‍ය තරබාරුවීම් වැනි බෝ නොවන රෝග මනාව පාලනයටත්, නිරෝගී සම්පන්න දිවිපෙවතක් මගින් ශරීර සුවතාවය සහ මානසික සුවතාවයටද බයිසිකල් පැදීම ඍජුව දායක වේ.

පවුලේ, රටේ ආර්ථීකයට මෙන්ම විදේශ විනිමය ඉතිරිකර ගැනීම සදහා මෙවන් ප්‍රවාහන මාධ්‍ය ඍජුවම දායක වේ. බයිසිකල් උපාංග පහසුවෙන් රට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති හෙයින් දේශීය නිෂ්පාදන සදහා වෙළෙදපොළ නිර්මාණය වේග එමගින් ගුණාකාර ආර්ථීක ප්‍රථීලාභ රටට හිමි වේ. කෙටි දුර කාර්යක්ෂමතාව උපරිමයෙන් ලබාගත හැකි නිසා මාර්ග හා සංඥා පද්ධති වැනි යටිතල පහසුකම් අවමවීමත් බයිසිකල් ධාවනයෙන් ලැඛෙන වක්‍ර ප්‍රතිලාභ ලෙස හැදින්විය හැකිය.

අපට ගැළපෙනල රටට ගැළපෙන පරිසර හිතකාමී සෑම ප්‍රවාහන මාධ්‍යක්ම ජනප්‍රිය කරවීම රජයක වගකීම බවත් ඒ සදහා පූර්වාදර්ශයක් සපයමින් ඉදිරියේදී කටයුතුකරන බවත් ඇමති පාඨලී චම්පික රණවක මහතා සදහන් කර සිටියේ කිලෝමීටර් 11.02 ක් දුර සාර්ථකව පා පැදි ධාවනය අවසන් කොට නිදහස් චතුරස්‍ර භූමියට පැමිණිමෙන් පසුවය.