පරිසර නීති කඩකිරීම, අපරාධ නීති කඩකිරීමටත් වඩා බරපතල අපරාධයක්
05 0

Posted by  in Latest News

සමස්ත ජනතාවටත් මතු පරපුරටත් බලපාන පරිසර නීති කඩකිරීම පුද්ගලික අපරාධ සඳහා බලපාන අපරාධ නීතිය කඩකිරීමටත් වඩා බරපතල අපරාධයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ ජගත් පරිසර දින සැමරුම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන හා ස්වේච්ඡුා සංවිධානවල එකතුවෙන් පැවැත්වූ ජාතික උත්සවයකට සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ……
ජගත් පරිසර දිනයේ මෙවර තේමාව වන්නේ ,අරපිරිමැස්මෙන් පරිභෝජනය කරමු, යන්නයි. ලංකාවේ අපගේ පරිභෝජනයෙන් 1/3 ක් පිටතින් ලබාගන්නවා. ඒ පරාධීන තත්ත්වයට මූලික හේතුව වන්නේ තෙල්, ගෑස් සහ ගල් අඟුරු ආනයනයයි. 2025 වනවිට සියලූ ඉන්ධන මගින් රට ස්වයංපෝෂිත කර ඉන්ධන පරාධීනතාවය තුරන් කිරීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා. එමෙන්ම ඉන්ධන හා විදුලිය ඉල්ලූම සැපිරීමට උත්සාහ දරන අතර ඉල්ලූම පාලනයටත් අප කටයුතු කළ යුතුයි. 2012 වසරේ නියඟය අවස්ථාවේ විදුලි කප්පාදුව නතරකර ගත්තේ විදුලි සංරක්ෂණය මගින්. දැන් අපි හෙටක් වෙනුවෙන් රටක් නමින් ඉන්ධන හා විදුලියෙන් සියයට දහයක් ඉතුරු කරගැනීමේ ජාතික සංරක්ෂණ වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා. එය අනාගතය වෙනුවෙන් ගත් පාරිසරික වෑයමක්.

පසුගිය කාලයේ ලංකාවේ විශාල ආන්දෝලනයකට තුඩු දුන්නේ පස හා ජලය රසායනික වසවිස නිසා විනාශවීමත් ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ප‍්‍රදේශවල ජනාවාස ඉදිකිරීමට සංරක්ෂිත ප‍්‍රදේශ විනාශ කිරීම පිළිිබඳ චෝදනාවන්ය.

රජරට මාරාන්තික වකුගඩු රෝගයට තුඩුදෙන ග්ලයිපෝස්ට් ඇතුළු කෘෂිරසායනික තහනම් කිරීමට පසුගිය වසර කිහිපය තුළ අප මහත් වෑයමක් ගෙනගියත්. පාලකයින් සිටියේ වසවිස සමාගම්වල සාක්කුවේ නිසා ගොවි ජනතාව මියගියා. පරිසර ඇමති හැටියට ජනාධිපතිතුමා තීන්දුවක් ගෙන වසවිස රසායන තහනම් කර තිබෙනවා. එය මේ රටේ මතුපරපුර ලැබූ ජයග‍්‍රහණයක්.

වන්නියෙන් පළවාහරින ලද දෙමළ, මුස්ලිම්, සිංහල, ජනයා ඔවුන්ගේ ගම්මාන වල පදිංචි කරවීම ජාතික ප‍්‍රමුඛතාවයක්. නමුත් කිසිදු පාරිසරික ඇගයීමක් නොකර ජනාවාස ගැන සංවේදීව පරිසරය විනාශ කරවීම සාහසික අපරාධයක් වසර 2013 දී ජනාධිපති කාර්ය සාධන බලකායේ බලපෑමට යටත්ව වනසංරක්ෂණ ඉඩම් ජනාවාස සඳහා මුදාහැරීමෙන් පරිසරය රැුකිමට සිටින නිලධාරීන් මෙන්ම දේශපාලඥයින්ද මේ අපරාධයට හවුල් වී සිටිනවා. මේ විනාශය නතර කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත්වීම අගය කළ යුතුයි. සියලූදෙනා තේරුම්ගත යුත්තේ, අපගේ මූලික ධනනිධානය බැංකුවල මුදල් හෝ කොන්ක‍්‍රීට් ඉදිකිරීම් නොව, ජෛව විවිධත්වයයි .. යැයි පැවසීය.