අප මේ රට හැකි ඉක්මණින්  සුහුරු සුපිරි රටක් බවට පත්කල යුතුයි. ඒ තමයි මේ ආසියාවේ උරුමය.
03 0

Posted by  in Latest News

“ඔබ කුමන විෂයක් හැදෑරුවත් අනිවාර්යයෙන්ම නවෝත්පාදන ආර්ථිකය සමග සමපාත විය යුතුයි. ඒ තමයි මේ ආසියාවේ උරුමය. දියුණු වුණ සෑම රටක්ම බලගතු රටවල් බවට පත්වුණේ පැහැදිළිවම තොරතුරු තාක්ෂණයේ බලගතු බව වටහා ගැනීමෙන්. මේ ලෝකයේ අනාගතය ඉදිරියට ගොඩනැගෙන්නේ මේ නවෝත්පාදන තාක්ෂ්‍ණය තුළින්. ඒ නිසා මේ රට අප හැකි ඉක්මණින් සුහුරු සුපිරි රටක් බවට පත්කල යුතුයි” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති AAT ආයතනයේ අවසන් අදියර සම්පූර්ණ කළ ශිෂ්‍ය ශි‍ෂ්‍යාවන්ට සහතිකපත් ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා …,

“කව්රුත් දන්නවා මනුෂ්‍යයා තිරිසනාගෙන් වෙන්වෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. 80 ලක්ෂයක් පමණ සත්ත්ව විශේෂ අතරින්, ඒ සැමටම වඩා වෙනස් බලගතු සත්වයෙක් තමයි මනුෂ්‍යයා. එයට ප්‍රධාන හේතුව මනුෂ්‍යාගේ නිර්මාණශීලීත්වය. මනුෂ්‍යාගේ ජීවන කාලය තුළ වැදගත් නිර්මාණ කිහිපයක් කළා. ඒ තමයි භාෂාව, සංකේත, සන්නිවේදනය සහ දැනුම එකතු කරගැනීම. ඒ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යනවා. සන්නිවේදනය කරනවා. මනුෂ්‍යා විසින් කරපු තවත් නිර්මාණශීලි දෙයක් තමයි, ගහ කොල බවභෝග අතරින් ජීවිතය ගෙනයාම සඳහා ආහාර නිපදවීම. ඒ කියන්නේ ගොවිතැන. ඒක මහා විප්ලවකාරී දෙයක්. ඒ හරහා මනුෂ්‍යා ආහාරත්,ඹෟෂධත් නිර්මාණය කරගත්තා.

ඊළඟට මනුෂ්‍යයා කළ මහා විප්ලවයක් තමයි බලශක්තිය නිර්මාණය කිරීම. පළමුව ඔහු ගින්දර පාලනය කළා. ඒ සමගින් බලශක්තියේ මහා ඉදිරි පිම්මක් සනිටුහන් කළා. මනුෂ්‍යයා ජීවත්වීමට දිනකට අවශ්‍ය අවම කිලෝ කැලරි ප්‍රමාණය 2060 ක්. ඒ ප්‍රමාණය ආහාරයට ගන්න බැරි අය දුගී පුද්ගලයින් ලෙස හඳුන්වනවා. එවැන දුගී පවල් 6% ක් ලංකාවේ ඉන්නවා. පොදුවේ මිනිස්සු ජීව අවශ්‍යතාව වගේ 125 ගුණයක් භුක්ති විඳිනවා. මෙය අපිරිමිතව ඉහළ යමින් සිටිනවා. ඒ නිසා විශාල බලශක්ති ගැටළුවකට අපි මුහුණ දෙමින් සිටිනවා. මීට වසර 20 කට කළින් වායු සමනය කළ කාර්යාල,නිවාසලංකාවේ තිබුණේ නැහැ. නමුත් අද වායුසමනය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වෙලා. විදුලිබල පද්ධතියෙන් 40%ක් අද වායු සමන අත්කරගෙන සිටිනවා.

ඊළඟට මිනිසා නිර්මාණය කළ වැදගත්ම දේ තමයි මුදල්. අපේ ජීවිතේ සෑම වටිනාකමක්ම ක්‍රමක්‍රමයෙන් මේ මුදල් වලට අනුගත වෙමින් සිටිනවා. මිනිස් නිර්මාණශීලීත්වයේ ඊළඟ වැදගත් අංගය තමයි දේශපාලනය. රාජ්‍යක් නිර්මාණය කරගෙන, විධිමත් නීතිපද්ධතියක්, විධිමත් පාලනයක්, අධ්‍යාපනයක් නිර්මාණය කරගෙන තමයි ඔහු ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මිනිසාට අනිත් සත්තුන්ට වගේ නිදහසේ ජීවත්වීමට අවකාශ නැහැ.

මේ යුගය අප හඳුනාගන්නේ තොරතුරු තාක්ෂණික යුගය ලෙසයි. අපි ආඩම්බර වියයුතු ජාතියක්. වසර 6000ක තරම් කාලයක් භාෂාව පැවතුණා. කෙසේ වෙතත් මේ බස ගබඩා කිරීම අතින් අපිට විශිෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ඒ දත්ත ගබඩා කිරීමේ විශාල ඉදිරි පිම්මක් ලෙස පරිගණකය හඳුන්වන්න පුළුවන්. අද මිලියන 20 ක් පමණ සුහුරු දුරකතන පවා අද අපේ දරුවන් අතේ තිබෙනවා. අද වනවිට සෑම 18 මාසයකටම වරක් පරිගණකයේ දත්ත ගබඩා කිරීමේ හැකියව දෙගුන වෙනවා. පෙරදී දැනුම සීමා වුණේ පුරුෂ පක්ෂයට ඒ වගේම දියුණු කාර්මික රටවලට පමණයි. නමුත් අද ඒ සීමා පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම අද අපේ සන්නිවේදනයත් මහා විප්ලවයකට පත්වෙලා. දත්ත ගබඩ කිරීමත්, සන්නිවේදනයත් එකට මුසුවෙලා අද ජීවත්වන ලෝකයේ විශාල සංවර්ධනයක්ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම මේ වනවිට නවෝත්පාදන ආර්ථිකය ඉදිරියට පැමිණ තිබෙනවා. එය පදනම් වෙලා තියෙන්නේ තොරතුරු තාක්ෂණයත් සමග යැයි පැවසිය.

මෙම අවස්ථාවට AAT ආයතනයේ ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.