බලශක්ති සංරක්ෂණය පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා යුධ හමුදානිලධාරීන්  දැනුවත් කරයි.
25 0

Posted by  in News

“විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයත් ජනාධිපති කාර්යාලයත් ඒකාබද්ධව මැයි මස 15 වන දින සිට ජුනි මස15 වන දින දක්වා බලශක්ති සංරක්ෂණ මාසයක් නම් කළා. එහි ආරම්භය පසුගියදා අතිගරු ජනාධිතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්කිලෝමීටර් 04 ක පමණ ධාවනයක් සමඟ ආරම්භ කළා.එහි තවත් පියවරක් විදිහට තමයි අපි මේ වැටසටහන පවත්වන්නේ.

ඔබ සියලු දෙනාම රටේ ජාතික ආරක්ෂාව තමන්ගේ උර මත රඳවගත්තඑය ක්‍රියාත්මක කරන, මේ රටට අද ලැබිල තියන සාමකාමී වාතාවරණයට මූලික වී දිවි පරදුවට තබා කටයුතු කළ පිරිසයි. ඒ නිසා ඔබ හමුවේ විශාල වගකීමක් මේ බලශක්ති සංරක්ෂණය සම්බන්ධයෙනුත්, රාජ්‍ය ආයතනයක් හැටියට ශ්‍රී ලංකා යුධ හමුදාවත් ලෙස රටපුරා පවුල් තුන් ලක්ෂයක පමණ ඍජු දායකත්වයක් තියන පිරිසක් විදිහට විශාල කාර්යබාර්යක් පැවරී තිබෙනවා.

මෙම වැඩසටහනෙහි අරමුණ බලශක්ති සංරක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමත්, අප විසින් ලබා දෙන පණිවිඩයඔබේනිවසේ, ඔබේ ආයතනයේ ක්‍රියාත්මක කරන නායකයින් නියමුවන් බවට ඔබව පත්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

අපේ නිවස තුළ, ආයතනය තුළ බලශක්ති කළමණාකාරීත්වයක් ඇති කරන්නේ කොහොමද? බලශක්තිය සංරක්ෂණයේදී අපි භාවිත කළ යුතු ‍යම් යම් උපක්‍රමමෙහිදී විදුලිබලයපමණක් නෙවෙයි වාහන අති විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ සතුව තියනවා. ඒ නිසා තෙල් ඉන්ධනය සුරක්ෂිත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

බලශක්තිය සාමාන්‍යයෙන් ගත්තාම භෞතික දෙයක්. ඕනම වෙනස් වීමක් තියනවා නම් ඒකට මූලිකවම ඕන දෙය තමයි බලශක්තිය. එනම් කිසියම් කාර්යයක් සිදුකිරීම සඳහා බලශකත්තිය අත්‍යාවශ්‍ය වේ. බලශක්තියේ තියනවා හඳුනාගත යුතු ප්‍රවාහයන්. පළමුව අපි හඳුනා ගන්නවා ප්‍රාථමික බලශක්තිය කියන්නේ මොනවද කියලා. ප්‍රාථමික බලශක්තිය කියන්නේ අමුවට යොදා ගන්නා දේවල් ඒවා ඍජුවම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණ විදිහට දර, ජලයේ ශක්තිය, සූර්යාගේ ශක්තිය, සුළගේ ශක්තිය , තෙල්, ගල් අගුරු, ගෑස් සංචිතවල තිබෙන බලය ශක්තිය ප්‍රාථමික බලශක්තිය විදිහට හඳුනාගන්න පුළුවන්.

එය පරිභෝජනය කළ හැකි තත්ත්වයට පත්වූ විට ද්වීතියික බලශක්තියයි. මෙහිදී ස්විචය දැමීම මඟින් අපිට විදුලිය ලබාගන්න පුළුවන්. කෙළින්ම ඒක පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයට පත්කරල ගන්න දෙයක්.අවසානයේ අපිට වැදගත් වෙන්නේ එයින් ලැබෙන සේවාවයි. ඒ අනුව වාහන ගමන් කරන්න ඕනි. අඳුරේ ඉන්න විට ආලෝකය ලැබෙන්න ඕනි. සීතල දවසට උණුසුම ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනි. රශ්නෙ පවතින දසවට සීතල ඇති කර ගන්න ඕනි.

ප්‍රාථමික බලශක්තියෙන් ද්වීතීයීක බලශක්තිය සෑදීමේදී ශක්ති හානි සිදුවෙනවා. බලශක්ති සංරක්ෂණය කියන්නේ මෙම තැන් තැන් වලදී සිදුවන හානි අවම කර ගැනීමයි.

අපිට තියන ලොකුම චෝදනාව තමයිඅවට කලාපයේ රටවල් එක්ක බලන කොට ලංකාවේ විදුලිබිල වැඩියි කියන එක. නමුත් අනෙක් රටවලටනැති සුවිශේෂී තත්ත්වයක් අපේ තියනවා. ඒ තමයි අපි විසිහතර පැයම විදුලිය දෙන එකම රට. අපි කර්මාන්ත වලට ඉතාම සහනදායි මිලට විදුලිය දෙනවා.

අද ලෝකයේ පොසිල ඉන්ධනවල බලපෑම ගත්තම ආර්ථික බලපෑමෙන් 80% ක්ම තෙල්, ගල් අඟුරු, ගෑස් නිසයි සිද්ධ වෙන්නේ. 2045 , 2055 වන විට තෙල්, ගල් අඟුරු, ගෑස් හිඟවෙන්න පුළුවන්. අපේ රටේ අපනයන ආදායමෙන් 50% ක් පමණ වැය වන්නේ තෙල් සහ ගල් අඟරු ගෙන්වීම සඳහා. ඒ නිසා මේ තත්ත්වය අඩු කර ගන්නනම් අපි උපක්‍රමශීලි ලෙස ඉන්දන පරිභෝජනය කළ යුතු වෙනවා. ඒ අනුව කෙටිදුරසඳහා වාහනය වෙනුවට පයින් යන්න, පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න, අත්‍යාවශ්‍ය දේට පමණක් වාහනය පාවිච්චි කරන්න.වාහන එළවීමේදී වේග සීමාව60- 80 අතර තබා ගන්න,ටයර්වල පීඩනය නිසි පරිදි තබාගන්න, එන්ජිම නිකරුණේ ස්ටාර්ට් කරනොතබන්න,මනා ලිහිසි තෙල් භාවිතා කරන්න, ඒ අනුව තමන්ගේ වාහන නිසි පරදි නඩත්තු කිරීම මඟින්ඉන්ධන ඉතිරි කර බලශක්තියසංරක්ෂණය කරන්න පුළුවන්.

නිවාස පනස්පන් ලක්ෂයක් අනවශ්‍ය එක ලයිට් එකක් නිව්වොත් විදුලි බලාගාරයක් වහල දාන්න පුළුවන් තරමට විදුලිය ඉතිරි වෙනවා.හවස හය හමාරයි නමය හමාරයි අතර බල්බ් වැඩි ප්‍රමාණයක් භාවිතය අඩු කරන්න, අනවශ්‍ය එක විදුලි පහනක් හරි නිවා දමන්න කටයුතු කරන්න,ඇඳුම් මැදීමේදී සවස හය හමාර නවය හමාර කාලයෙන් බැහැර කාලයක් යොදා ගන්න, ගෘහ විදුලි පරිභෝජනයේදී වැඩි වශයෙන් විදුලිය වැය වන්නේ ශීතකරණය සඳහාය. එය හිරු එළිය නොවැටෙන ස්ථානයක ස්ථානගත කරන්න, දොර අරිනවහන වාර ගණන අවම කරන්න, කාන්දුවීම් තිබේ නම් ඒවා පිළිසකර කරන්න,
ස්වභාවික ආලෝකය ලැබෙන ලෙස වා කවුළු තබන්න, පැරණි වීදුරු බල්බ් භාවිතා නොකරන්න, ස්වභාවික ආලෝකය ලැබෙන ලෙස ගොඩනැගිලි නිර්මාණය සිදුකළ යුතුයි. ඒ වගේම කාර්යක්ෂම විදුලි උපාංග භාවිතා කිරීම මඟින් විශාල විදුලි ඉතිරියක් ලබා ගන්න පුළුවන්.

කාර්යාලයේදී ප්‍රධාන විදුලි ඉල්ලුම වායු සමන යන්ත්‍ර සඳහා වැයවෙනවා. ඔබේ කාර්යාලයේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළයුතු වන්නේ වායු සමන යන්ත්‍රය සදහාය. එය අංශක 26 පමණ තබා ගැනීමට කටයුතු කරන්න,

තෙල් සහ විදුලි බලය කියන එකේදී ඉතා කුඩා ඉතුරුමක්ජාතික වශයෙන් විශාල ඉතිරියක් වෙනවා. බලශක්ති සංරක්ෂණය වැඩි කිරීම, ගුණාත්මක ඉන්ධන ලබාදීම, ලංකා විදුලිබල මවණ්ඩලයත්, ඛණිජ තෙල් සංස්ථාවත් පර්යේෂණ පැත්තෙන් තාක්ෂණ විසඳුම් සෙවීමසිදුකරගෙන යනවා.අපේ පළමු බලාපොරොත්තුව රට බලශක්තියෙන් ස්වයංපෝෂත කිරීමත්, රට හරිත බලශක්තිය සඳහා යොමු කරවීමත් මෙම පණිවිඩය සියලු දෙනා අතර දැනුවත්වීම මඟින් බලශක්තිය ඉතිරි වන ලෙස කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පසුගියදා (25) ආරක්ෂක සේවා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති යුධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවස්ථාවට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ඒ.ඩබ්.ජේ.සී ද සිල්වා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් පද්මසිරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විමල් නදීර,විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපාලි දරණගම යන මහත්වරුන් ඇතුළු යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.