ජවන ශක්ති යාත්‍රා ජනපති අතින් දියත් වේ
16 0

Posted by  in Latest News

ජාතික බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් “හෙටක් වෙනුවෙන් රටක්” තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ මංගල පියවර වශයෙන් “ජවන ශක්ති යාත්‍රා ” ප්‍රදර්ශනාත්මක ධාවන තරගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගීත්වයෙන්  නිදහස් චතුරස්‍රයේදී පැවැත්විනි. 

“ජවන ශක්ති යාත්‍රා”ආරම්භ විමට ප්‍රථම අතිගරු ජනාධිපති විසින් බලශක්ති ප්‍රතිඥාව ලබා දුන් අතර අදාල ප්‍රතිඥාව සහිත ගෑස් බැලූන් 2000ක් පමණ ගුවනට මුදා හැරීම සිිදුවිය.

යුධ හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්ද රාජ්‍ය ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 3000කට අධික පිරිසක් සහභාගී වූ මෙම ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලිය ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම වලින් අනතුරුව නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වී, කිලෝ මිටර් 4 කට ආසන්න දුරක් ගමන් කර නැවතත් නිදහස් චතුරස්‍රයෙන් අවසන් විය. 

මෙම ධාවන තර`ගයේ ප්‍රධාන අරමුණ වන්නේ ඛනිජ තෙල් හා විදුලිය 10%කින් ඉතිරිකර ගැනිමත්, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී ඉන්ධන හා විදුලිය භාවිත නොකොට ඒ සඳහා වැඩි වශයෙන් ශ්‍රමය භාවිතයට ජනතාව  පෙළඹවීමත් වේ.

මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් මෙහෙයවීම වෙනුවෙන් ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමයේ සභාපති  සුගත් තිලකරත්න මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ බලශක්ති සන්නාම කළමණාකරු ධූරය පිරිනමන ලදී.