ජනතාව බිය වැද්දීමට නොයෙක් පාර්ශවයන් විසින් නොයෙක් ප්‍රකාශ කළාට කිසිඳු ආකාරයකින්  විදුලිබිල නැංවීමක් සිදුවන්නේ නැහැ.
15 0

Posted by  in News

මේ අවුරුද්ද ලංකා විදුලිබල මණ්ඩලයටත්. ලෙකෝ ආයතනයටත් ඉතාමත් හොඳයි. විදුලිබිල නැංවීමක් රැස්වීම්වල අදහස් දැක්වුවට කිසිඳු මිල නැංවීමක් වෙන්නේ නැහැ. ලංකා විදුලිබල මණ්ඩලයත්, ලෙකෝ ආයතනයත් මේ වසරේ ඉතාම ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටිනවා. ඒ නිසා නොයෙක්දෙනා ජනතාව බිය වැද්දීමට නොයෙක් ප්‍රකාශ කළාට, කිසිඳු විදුලිබිල නැංවීමක් සිදුවන්නේ නැහැ” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකලේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති මහජන උපයෝගීතා කොමිසම මගින් සංවිධානය කරන ලද විදුලි ආරක්ෂක දැනුවත් කිරීමේ දිනයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා …,
“රටේ ජනතාවට විදුලිය සැපයීම තමයි අපේ මූලික අරමුණ. මේ රටේ විදුලිය ලබාදීම 2010 වේගවත් කළා. ඒ කාලෙදි කොළඹටවත් 100% ක් විදුලිය තිබුණේ නැහැ. මුළු දිවයිනම ආවරණය වන අන්දමින් විදුලිය ලබාදෙන්න තමයි විදුලමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කළේ. දැන් නොයෙක් බාධා මැද්දේ දැන් ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙලා. තවත් පවුල් ලක්ෂයකට පමණයි විදුලිය ලබාදෙන්න ඉතිරිවෙලා තියෙන්නේ.

මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණ සැමට විදුලිය යන්න දැන් විසඳිලා. ඊලඟ ගැටළුව තමයි කප්පාදුවකින් තොරව විසිහතර පැයම විදුලිය ලබාදිම. ඒ අභියෝගයත් අපි ජයගත්තා. මේ කලාපයේ කප්පාදුවකින් තොරව පැය 24ම විදුලිය සපයන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. හැබැයි විදුලිබල ක්ෂේත්‍රයේ සුරක්ෂතතාවය ඇති කරගන්නනම්, විදුලිය ඉතිරි කරන්නත්, වැඩිවන විදුලිබල ඉල්ලුම සපුරාලියහැකි පරිදි විදුලිබල පද්ධතිය ශක්තිමත් කරන්නත් අවශ්‍යයි යැයි පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, හර්ෂ ද සිල්වා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේත්, මහජන උපයෝගිතා කොමිෂන් සභා‍වේත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.