අප්‍රේල් මස අවසන් වීමට ප්‍රථම අනුරාධපුර  දිස්ත්‍රික්කය 100% ක් විදුලියෙන් ඒකාලෝක කරනවා
10 0

Posted by  in Latest News

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම දුෂ්කර ගම්මානයක්ම ආවරණය කරමින්, මේ සිංහල අළුත් අවුරුද්දට පෙර සමස්ත දිස්ත්‍රික්කයම විදුලියෙන් ඒකාලෝක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට වැදගත් වන්නේ දින 100 නෙමෙයි. දින 100 ඇතුළ සිදුරකන වැඩ 100 යි. ඒ වැඩ 100 ඇතුළත රට පුරාම ජනතාවට විදුලිය ලබාදීම ඉතාමත් වැදගත් වෙනවා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා මිහින්තලා පුදබිමට විදුලි ජනන යන්ත්‍රයක් ලබාදිමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,

(CMEC)සිමෙක් සමාගමේ අනුග්‍රහයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිහින්තලා පුදබිමට විදුලි ජනක යන්ත්‍රයක් පූජා කළා. අටමස්ථානය. දළදා මාළිගාව ඇතුළු අපගේ අනෙකුත් පූජනීය ස්ථාන වලටත් විදුලි ජනක යන්ත්‍ර ලබාදී තිබෙනවා. රටේ විදුලි බාධාවක් ඇතිවූ විටත්, එම සිද්ධස්ථාන වලට විදුලිය ලැබෙනවා.

වි‍‍ශේෂයෙන්ම මේ රජය‍, ආණ්ඩු බලයට පත්වුණේ දේශපාලන ප්‍රතිසංස්කරණය කරන්න. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණයෙන් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. අධිකරණය, මැතිවරණ ක්‍රියාදාමය, රාජ්‍ය සේවය, දූෂණ මර්දනය සඳහා ශක්තිමත් කොමිෂන් සභාවන් පත්කිරීම මේ දින 100 ඇතුළත සිදුකළ යුතුයි. ඒකට දින 100 බාධාවක් කරගත යුතු නැහැ. හැකි ඉක්මණින් ජනවාරි 8 ලබාදුන් පොරොන්දු ඉටු කරන්න සෑම දේශපාලන පක්ෂයක්ම බැඳී සිටිනවා.

හැමෝම අහනවා දින 100 ඇතුළත මොනවද කෙරුණේ කියලා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට ඉන්ධන සහනයක් ලබාදුන්නා. ඒ වගේම සියලු විදුලි ව්‍යාපෘති නිම කරමින්, දකුණු ආසියාවේ පැය 24 ම විදුලිය සපයන එකම රට ශ්‍රී ලංකාව බවට පත්කරනවා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් එක්වූහ.