ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපති බන්දුල චන්ද්‍රසේකර.
29 0

Posted by  in Latest News

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස බන්දුල චන්ද්‍රසේකර මහතා පත්ව සිටී. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලද ඒ මහතා ශී්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිළිබඳ උපාධිධාරියෙකි. වසර පහළොහවකට ආසන්න කාලයක් බලශක්ති සේවා සැපයුම් පිළිබඳ විවිධ ව්‍යාපෘතිවල නිරත වී ඇති  චන්ද්‍රසේකර මහතා මෙරට මෙන්ම දකුණු ආසියානු කලාපීය බලශක්ති සේවා ක්‍රමවේදයන් පිළිබඳ මනා පුහුණුවක් හා අධ්‍යයනයක යෙදුණු විද්වතෙකි. පුනර්ජනනීය හා ග්‍රාමීය විකල්ප බලශක්ති සැපයුම් සේවා කෙරෙහි විශේෂ අවධාරණයකින් යුතුව කි්‍රයා කළ හෙතෙම පසුගිය කාලය පුරාම විදුලි පාරිභෝගික අයිතිවාසිකම් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ යහපාලනයක් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළේය.  

පාරිසරික හා වෘත්තීය අයිතිවාසිකම් ක්ෂේත්‍රයන්හි විවිධ බහුජන සංවිධාන නියෝජනය කරමින් කි්‍රයාකාරීව කටයුතු කර ඇති ඔහු ජාතික විද්වත් සභාවේ කැඳවුම්කරු ලෙස වර්තමානයේ කටයුතු කරයි. සමාජ – දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් රැසක් ඇති ඒ මහතා ලේඛකයෙකු හා දේශපාලන විශ්ලේෂකයකු ලෙසද කි්‍රයා කරයි.