විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා  සිය අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි.
16 0

Posted by  in Latest News

පාලිත රංගෙ බණ්ඩාර මහතා, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිය පළමු අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා, අද (16) පෙ.ව. 10.05ට යෙදී තිබූ සුබ මොහොතින්, කොළඹ 07, මල් පාරේ පිහිටි ඛනිජතෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කරන ලදී.

නව යුගයක් ආරම්භවන මේ මෙහොතේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතනයන් එකම මහගෙදරක් යටතට ගෙන, ආර්ථිකයේ ප්‍රධාන සංධිස්ථානයක් වන බලශක්ති ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය තහවුරු වන අන්දමින් තිරසාර පදනමක් යටතේ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රණවක මහතා පැවසීය.

වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් නව මිල සූත්‍රයක් සකසා, අවම පරිහරණයක් සහිත පොදු මහජනතාව වෙනුවෙන් අවම මිලක්ද, වැඩි පරිහරණයන් සහිත විදුලි පාරිභෝගිකයන් වෙත ඊට සරිලන අය ක්‍රමයක්ද සැකසීමටත්, ඛනිජතෙල් වෙනුවෙන්ද මිල ක්‍රමයක් සකසන බවත් පැවසීය.

මෙතෙක් කලක් පිටස්තර ජාවාරම්කරුවන්ගේ අදිසි හස්තයන්ගෙන් බලශක්ති ක්ෂේත්‍රය මුදාගැනීමට විශාල අරගලයක් කිරීමට සිදුවූ බවත්, ඉදිරියේදි මෙම ජාවාරම්කරුවන්ට මෙම ක්ෂේත්‍රය සඳහා කිසිඳු බලපෑමක් ඇතිකිරීමට ඉඩ නොදෙන බවටත්, අතීතය, වර්තමානය සහ අනාගතය ගලපමින්, දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයාබලා ඉදිරියේදී එවැනි දේ සිදුනොවීමට ජනතාව දුන් වරම ඉතාමත් සුරක්ෂිත හා ගෞරවාන්විත ආකාරයෙන් යොදා ගන්නා බවටත් අමත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අනතුරුව, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගෙබණ්ඩාර අමාත්‍යතුමන් විසින්, මධ්‍යහන 12.05 ට යෙදී තිබූ සුබ මොහොතින් සිය අමාත්‍යධූරයෙහි රාජකාරි කටයුතු අරඹමින්, දුෂිත දේශපාලන චරිත රජයන මෙවන් යුගයක, පාඨලී චම්පික රණවක වැනි අමාත්‍යවරයෙක් යටතේ අමාත්‍ය ධූරයක් දැරීමට ලැබීම වාසනාවක් බවත්, අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා වලින් බැහැරව එවැනි ක්‍රියාවන්හි යෙදෙන්නන් පිළිබඳ අවධානයෙන්, රටේ අනාගතය යහපත් කරන්නට දායකවන බව පැවසිය