ලංකා විදුලිබල මණ්ඩල වාර්ෂිකව ක‍්‍රීඩා උළෙල
25 0

Posted by  in News

ලංකා විදුලිබල මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක‍්‍රීඩා උළෙල, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරචිචි මැතිනියගේ ප‍්‍රධානත්වයෙන්,  කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.
තරග ඉසව් රැුසකින් සමන්විතවූ මෙම ක‍්‍රීඩා උළෙල, දිවයින පුරා පිහිටි ලංකා විදුලිබල මණ්ඩල කාර්යාලවල, ක‍්‍රීඩා කුසලතාවයක් හිමි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම, විශේෂත්වයකි.
ඡුායාරූපයෙන් දැක්වෙන්නේ, ක‍්‍රීඩා උළෙලේ වැඩිම ඉසව් සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කළ, බෙදාහැරීම් අංශ 1, අතිරේක සාමාන්‍යාධිකාරී යු.කේ.ඩබ්. සිල්වා මහතා තම කණ්ඩායමට හිමි ශූරතා පලිහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතඥ පවිත‍්‍රා වන්නිආච්චි මහත්මිය අතින් ලබාගත් අයුරුයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල, උපසභාපති මහාචාර්ය කපිල පෙරේරා, සාමාන්‍යාධිකාරී ශව්න්ද්‍රනාත් ප‍්‍රනාන්දු යන මහතුන් මෙම අවස්ථාවට එක්වූහ.