Posted by in Latest News
යාපනය ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය සහ යාපනය වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අනතුරුව ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය එම ස්ථානයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ විවෘත කරනු ලැබීය.
වේලනෛයි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 70 ක් වන අතර ඩෙල්ෆ් විදුලි යෝජනා ක්‍රමය සඳහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 500කි. මෙතෙක් 40% ක්ව පැවති ඩෙල්ෆ් දූපතේ විදුලියනය නව විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමඟ 99% දක්වා ගෙන ඒමට හැකි වී තිබේ.