නිසි කලට වැසි පතා ජය ශ්‍රී මහා බෝසමිඳුන්ට පැන් පූජා කෙරේ.
01 0

Posted by  in Latest News

වියලි කාලගුණය පහවගොස්,නිසි කලට වර්ෂාව අපේක්ෂාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව සිදුකරන පැන් පූජා මහෝත්සවය පසුගියදා පවත්වන ලදී.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම පැන්පූජා මහෝත්ස‍වය ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස දී පැවැත්විණි. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගෙන් රැගෙන ආ පැන්කල 12 ක් රුවන්වැලි සෑ රදුන් වටා පැදකුණු කිරීමෙන් අනතුරුව නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිළිගන්වනු ලැබීය.
ජය ශ්‍රී මහා බෝ මළුවේ නෙළුම් මල් අතුරා, එම පරිශ්‍රයේ සිට රුවන්වැලි සෑය දක්වා මගදෙපස පහන් 4000 ක් දල්වනු ලැබීය. මේ අතර 31 දින අළුයම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස, සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදුකළ අතර දහවල් මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක්ද පැවැත්විණි. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස මාහනායක ස්වාමීන් වහන්සේ සහ රුවන්වැලි සෑ අධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම පැන් පූජා මහෝත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ සඳහා වැසි අපේක්ෂා කිරීමයි.

මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල,සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු, ක්‍රියාකාරී අධ්‍යක්ෂ දීප්ති කුලරත්න, අතිරේක සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසේකර, උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියසිරි ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේත් ලංකා විදුලිබල මණ්ඩලයේත් ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.