බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මැතිනිය හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අතර හමුවක්…
18 0

Posted by  in Latest News

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මෙරටට සපැමිණි බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා (Sheikh Hasina) මැතිනිය හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අතර සුහඳ පිළිසඳරක් ඉකුත් දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. අනාගත බලශක්ති අර්බුද සම්බන්ධයෙන් කලාපයේ රටවල් අතර පවතින ක්‍රමවේදයන් පිළිබඳවද අවධානය යොමු විය.
මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හරහා දෙරට අතර රාජ තාන්ත්‍රික බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වූ බවද බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා (Sheikh Hasina) මැතිනිය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය හමුවේ කියා සිටියාය.