ලොව බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඉහළම තාක්ෂණික ඥානය ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම්…
13 0

Posted by  in News

ලොව බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඉහළම තාක්ෂණික ඥානය ශී‍්‍ර ලංකාවට ලබා දීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදය අවධාරනය කරයි.

බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ලොව ඉහළම ආයතනය වන අමරිකාවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමේ (General Electric) බලශක්ති සැපයුම් අංශයේ ප‍්‍රධාන විධයක නිළධාරී කාල් ෆෙසන්ඩන් (Mr. Karl Fessenden) මහතා පසුගිය 08 දා විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්ච් මැතිනිය හමු වී මේ බව සඳහන් කළේය.

මෙම හමුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී කාල් ෆෙසෙන්ඩන් මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකාව වේගවත් සංවර්ධන කි‍්‍රයාවලියකට අවතීරණ වී සිටින බවයි. එහිදී බලශක්ති ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති පියවරයන් ඉතා වැදගත් බවද සඳහන් කළේය. ඒ අනුව බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ලොව පවතින ඉහළම තාක්ෂණික ඥානය ශී‍්‍ර ලංකාවට ලබා දීමට හැකි බවද ඒ මහතා කීවේය. දැනට ලෝකයේ බලශක්ති භාවිතයේදී ගන්නා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් මෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ගැණින. එමෙන්ම මෙරට බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ඉදිරි සැළසුම් හා කි‍්‍රයාමර්ගයන්ද ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගමේ අවධානයට යොමු විය. අනාගත විකල්ප බලශක්ති ක‍්‍රමෝපායන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව සිදු කරන පර්යේෂණ හා අත්හදා බැලීම්වලට සහාය ලබා දීමටද කාල් ෆෙසෙන්ඩන් මහතා මෙහිදි එකඟතාවය පළ කළේය.

මෙම හමුවේදී අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය සඳහන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලමින් සිටින බවයි. එහිදී රටතුල බලශක්ති කෙෂ්ත‍්‍රය නගා සිටුවීම සඳහා ලබා දී ඇති ප‍්‍රමුඛතාවය ඉහළ බවද එතුමිය කීවාය. ලබන 2014 වසර වන විට මෙරට විදුලිය සැපයුම 100‍% දක්වා සපුරාලීම රජයේ අපේක්ෂාව බවත් වාර්ෂිකව විදුලිය ඉල්ලූමට අනුව විදුලිය නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන බවත් පෙන්වා දුන්නාය.

බලශක්ති ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ලොව ඉහළම තාක්ෂණික ඥානය ශී‍්‍ර ලංකාවට ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය සුවිශාල ජයග‍්‍රහනයක් බවද අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී ප‍්‍රදිනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී ගනේගල,ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ සභාපති යූ.ඞී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.