ජනතාවගේ විදුලි අවශ්‍යතාවය කඩිනමින් සපුරලීමට ක‍්‍රියාකිරිම රජයේ ප‍්‍රමුඛ අරමුණයි
16 0

Posted by  in News

2005 වසරේදී වත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එතුමන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒකේ විවිධ දේ තිබුණා. ත‍්‍රස්තවාදය නැති කරලා සියළුදෙනාටම සාමකාමීව ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන එක තමයි මුලික දේ වුණේ. එය ස`දහන් කරා වගේම කරලා දුන්නා. යුද්ධය නිමවීමත් සම`ගම ජනතාවගේ අවශ්‍යතා වැඩි වුණා. විවිධ කර්මාන්ත ආරම්භ කිරිම් සිදු වුණා.

එතකොට විදුලිබල අවශ්‍යතාව ඉහළ ගියා. අනිත් කාරණය තමයි මෙරට ජනග‍්‍රහනයෙන් 80‍% ක් ජිවත් වන්නේ ගම්බදව. ඔවුන් න`ගා සිටුවන්න දිවි නැගුම, ම`ග නැගුම හා සැමට විදුලිය වැඩසටහන් ආරම්භ කරන්න අපි පියවර ගත්තා. විදුලිය ලබා දිමේදී ඊට වැඩසටහන් සකස් කිරිමේදී විවිධ අභියෝග ආවා.සමහරු ඊට මුහුණ දෙන්න බැරුව එය නතර කරා. නමුත් වත්මන් ජනාධිපතිතුමා ඊට නොබියව මුහුණදීලා විදුලිබලාගාර ආරම්භ කරන්න කටයුතු කළා.සාම්පුර් ,ඉහළ කොත්මලේ , නොරොච්චෝලේ හදද්දී ප‍්‍රශ්ණ ආවා. ඒත් ආරම්භ කළ වැඬේ දිගටම කරගෙන යන්න වත්මන් රජය කටයුතු කළා.සමහරු චීනයට එක්කගෙන ගිහින් විදුලිබලාගාර පෙන්වන්න පවා කටයුතු කළා.ඇතැම් කාලවල විදුලිය කපපු අවස්ථා තිබුණා. ඒත් අපේ රජය බලයට පත්වුණාට පස්සේ විදුලිය කැපීම නතර කළා. අපි මේ හැම දෙයක්ම කරන්නේ පරිසරය ආරක්ෂා කරගෙන වගේම ජනතාවට හිරිහැරයක් නොවන විධියටයි. යම් අයෙකුට කැපකිරිමක් කරන්න සිදුවුණොත් ඊට අවශ්‍ය සහන සියල්ලම දෙන්න අපි කටයුතු කරලා තියනවා.

විදුලිබලාගාරයක යම් ඇණහිටිමක් වුණොත් ඒක අල්ලගෙන කීසැරයක් කැඩුනද කියලා අහනවා.එහෙම බැලූවොත් විමලසුරේන්ද්‍ර එක කීසැරයක් කැඩෙන්න ඇද්ද.වැඩ කරද්දී එහෙම වෙනවා .මේ බලාගාර ඉදිවිමත් රැකියා දහස් ගණනක් නිර්මාණය වෙනවා.විශාල සංවර්ධනයක් ඇති වෙනවා.ඉස්සර කාපට් වුණේ කොළඔ, ගාල්ල පාර,නුවර පාර විතරයි. දැන් සෑම අස්සක් මුල්ලක් නෑර පරවල් කාපට් වෙනවා.

පසුගියදා අපේ ජනාධිපතිතුමා චීනයේ සංචාරය කරද්දී මෙරට සංවර්ධනයට අවශ්‍ය පහසුකම් රැසක් ලබාගෙන ආවා. චීනය පමනක් නෙමෙයි ලෝකයේ බොහොමයක් රටවල් අපිට ආධාර උපකාර ලබා දෙනවා.අද වැඩ ආරම්භ කළ විදුලිබලාගාරය ඉදිරියේදී විදුලි බිල අඩුකරන්න රුකුලක් වේවි. ඒ නිසා මෙය ඉදිකරන්න සිය නිවාස ඉඩකඩම් පරිත්‍යාග කළ සියළුම දෙනාටම ජනාධිපතිතුමාගේත් රජයෙත් සමස්ථ රටේත් ස්තූතිය පිරිනමනවා.

ජනතාවගේ විදුලි අවශ්‍යතාවය කඩිනමින් සපුරාලීම රජයේ ප‍්‍රමුඛ අරමුණයි – ඇමතිනී නීතිඥ පවිත‍්‍රාදේවී වන්නීඅරච්චි

මේ රටේ දශක තුනක් පුරා තිබුණ යුද්ධය අවසන් වීමත් සම`ග ජනතාවගේ අවශ්‍යතාවයන් දවසින් දවස වැඩිවෙන්න පටන් ගත්තා.ඊට බලපාන ප‍්‍රධාන සාධකය තමයි විදුලිබලය. එම නිසා උතුරු නැගෙනහිර ඇතුළු සමස්ථ රටම ආවරණය වන පරිදි විදුලිය ලබා දෙන්න කටයුතු කරන ලෙස ජනාධිපතිතුමන් අපිට උපදෙස් දුන්නා. සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරිම දවසින් දවස වැඩි වුණා.එම අවශ්‍යතා සපුරනවා වගේම ජනතාව කළුවරේ නොතියන්නත් බලාගන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්නා.

විවිධ රජයන් යටතේ පැය ගණන් විදුලිය කැපුවා. ඒත් අපේ රජය එය නතර කරලා පැය විසි හතර පුරාම විදුලිය ලබාදෙන්න කටයුතු කළා. අඩුම මිලකට විදුලිය ලබාදෙන්න අවශ්‍ය නිසා අපි ජලයෙන් හා ගල් අගුරු වලින් විදුලිය නිෂ්පාදනය කරන වැඩපිළිවළකට යන්න කටයුතු කළා. වසර ගණනක් පුරා ඇදෙමින් තිබුණ බ්‍රෝඩිලන්ඩිස් ජලවිදුලි බලාගාරය ආරමිභ කරන්න හැකියාව ලැබුණේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි.

මෙම විදුලිබලාගාරය හදන්නේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කරගනිමින්. ඒ වගේම සංචාරක ව්‍යාපාරය වගේම අනිකුත් කර්මාන්ත ආරක්ෂා කරගන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමන් බලයට එද්දි නුවරඑළියේ සියයට 60 කටත් අඩු ප‍්‍රමාණයකටයි විදුලිය ලබාදී තිබුණේ. එය දැන් වන විට සියයට 85 දක්වා වැඩි වී තියෙනවා.‍ මේ බලාගාර ඉදිවිමත් සමග සියයට සියයක් සපුරා ගන්න පුඵවන් වේවි . එම නිසා මෙම වැඩ පිළිවළ සාර්ථක කරගන්න සහය ලබාදුන්න ජනාධිපතිතුමන්, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුඵ සියඵම දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා යැයිද අමාත්‍යවරිය ස`දහන් කළාය.

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන සී. බී රත්නායක, නවින් දිසානායක, සබරගමු පළාතේ මහ ඇමති මහීපාල හේරත්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බීගනේගල, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධ්කාරි එෆ්.කේ.මොහිදින්,බ්‍රෝඩිලන්ඩිස් ජලවිදුලි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක අචාර්ය කමල් ලක්සිරි යන මහත්වරුන් ඇතුඵ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.