මෙරට ජාතික විදුලිබල පද්ධතියට  දැවැන්ත ශක්තියක් ලබාදෙමින්, බ්රෝ්ඞ්ලන්ඞ්ස්  ජලවිදුලිබලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ …..
12 0

Posted by  in News

මහින් දචින්තන ඉදිරි දැක්ම යථාර්තයක් බවට පත්කරමින් බ්‍රෝඞ්ලන්ඞ්  ජල විදුලිබලාගාරයේ ඉදිකිරීම් 2013 ජූලිමස 15 දින පෙරවරුවේ ආරම්භ කිරීමට සියළු විධිවිධාන යොදා තිබේ.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මගපෙන්වීම හා මෙහෙයවීම මත, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත‍්‍රාදේවිවන්නිආරච්චි මැතිනියගේ ආරාධනයෙන්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජූලි 15 දිනපෙරවරු 11.00 ට යෙදෙන සුබමුහුර්තියෙන් කිතුල්ගල, පොල්පිටිය, බ්‍රෝඞ්ලන්ඞ්ස්හිදී නව ජලවිදුලි බාලගාරය සඳහා මුල්ගල තැබීමට නියමිතය.

බ්‍රෝඞ්ලන්ඞ්ස් ජලවිදුලිබාලාගාරය මගින්මෙගාවොට් 35 ක විදුලිය ධාරිතාවයක් දෛනිකව ජාතිකවිදුලිබල පද්ධතියට එක්කෙරෙන අතර එහි වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට් 126 ක් ලෙස ගණන් බලා තිබේ. පරිසර හිතකාමී ජලවිදුලිබලාගාරයක් වන මෙය ඉදිකිරීම සඳහා පරිසරඅධිකාරියේ  පූර්ණ අනුමැතිය හිමිකර ගෙන තිබේ.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82 කි. ඒ සඳහා ප‍්‍රතිපාදන, දේශීය හා විදේශීය වශයෙන් සැපයේ. ඒ අනුව ව්‍යාපෘතියට වැයවන සමස්ථ ප‍්‍රතිපාදන වලින් දේශීය දායකත්වය 15% ක් වනඅතර, 85% ක් චීනයේ කර්මාන්ත හා වානිජ බැංකුව මගින් සපයනු ලැබේ.

බ්‍රෝඞ්ලන්ඞ්ස්  ජලවිදුලි ව්‍යාපෘතිය ආරම්භවීමත් සමග ප‍්‍රදේශයේ  මහාමාර්ග, විදුලිය, පානිය ජලය සැපයුම ආදී ජන ජීවිතයට අදාළ සියළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටඅපේක්ෂිතය. මීට අමතරව බලාගාර ප‍්‍රදේශය දෙස්විදෙස් සංචාරක ආකර්ශනය ඉහල නැංවෙන අයුරින් නිර්මාණය කිරීමටද සැලසුම්කර ඇත. බ්‍රෝඞ්ලනන්ඞ්ස් බලාගාරය ඉදිවීම හේතුවෙන් සෘජු හා වක‍්‍ර රැුකියා අවස්ථා රාශියක්ද බිහිවනු  ඇත. එසේම බලාගාරය නිසා ප‍්‍රතිස්ථාපනය වන ජනජීවිත, වඩාත්ශක්තිමත්ආකාරයෙන් නගාසිටුවීමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා තිබේ.

බ්‍රෝඞ්ලන්ඞ් බලාගාරයේ වේල්ල වැඩබිම, මධ්‍යම පළාතේ, නුවරඑළියදිස්ත‍්‍රික්කයට අයත් වන අතර බලාගාර වැඩබිම සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත‍්‍රික්කයටඅයත්වේ. ඒ අනුව අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පොල්පිටිය, බ්‍රෝඞ්ලන්ඞ්හි වේල්ල ඉදිකෙරෙන අතර බලාගාරය, යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල්ගල, කලූකොහුතැන්න ප‍්‍රදේශයේ ස්ථාපිත කෙරේ. මෙය ශ‍්‍රී ලංකාවේ ඉදිකෙරෙන තවත් මතුපිට බලාගාරයකි.

කැළණි ගගේ ප‍්‍රධාන අතු ශාඛා දෙකක් වන මස්කෙළිඔය සහ කෙහෙල්ගමුඔය ව්‍යාපෘතියේ ජල මූලාශ‍්‍රයි.  මස්කෙළිඔය පදනම්ව ප‍්‍රධාන වේල්ල ඉදිවන අතර එහි උස මීටර් 24 කි. දිග මීටර්  114ක් වේ. ප‍්‍රධාන උමග දිග කිලෝමීටර්  3.5 ක් වන අතර එහි විෂ්කම්භය මීටර් 5.4 කින් සමන්විතය.

බ්‍රෝඞ්ලන්ඞ්ස් ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ කෙහෙල්ගමුව ඔය හරස්කර එම ජලය, මස්කෙළි ඔයට ගෙන යාමය. ඒ සඳහා දහැරවුම් වේල්ලක්  ඉදිකෙරෙන අතර එහි උස මීටර් 19 ක් සහ දිග මීටර් 48 ක් වේ. හැරවුම් උමග දිග මීටර්  850කි.

මෙම බලාගාරයේ විශේෂත්වයක් වන්නේ ලංකාවිදුලිබල මණ්ඩලය පළමුවරට මහාභාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන, සෘජු ලෙස චීනයේ වාණිජහා කර්මාන්ත බැංකුව මගින් සහනදායි ණයක් ලබාගෙනආරම්භකිරීමයි. මෙම සහනදායි ණයආපසු ගෙවිම, ව්‍යාපෘතියේ ඉදිකිරිම් අවසන් වීමෙන් අනතුරුව ආරම්භ කෙරේ. ඒ අනුව ණය පියවීම වෙනුවෙන් ලබාදී ඇති කාලයවසර 15 කි.

බ්‍රෝඞ්ලන්ඞ් ජලවිදුලි බලාගාරය ඉදිකිරීමත් සමග ජාතිකවිදුලිබල පද්ධතියට එක්කෙරෙන මෙගාවොට් 35 ක අමතර විදුලිය ධාරිතාවත් සමග දැනට ජනගහනයෙන් 94% ක් වනවිදුලිය සැපයුම තවදුරටත්  ඉහළ ප‍්‍රතිශතයකට ගෙනයා හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චිමැතිනිය අවධාරණය කරයි.

..සැමටසැමවිටවිදුලිය..යන තේමාව මුල්කර ගනිමින් මෙම නව ජලවිදුලිබලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමටද ඇමතිනිය අපේක්ෂා කරයි.