ආසියාවේ විදුලිය නොකපන එකම රට ශ‍්‍රී ලංකාවයි ….
14 0

Posted by  in Latest News

ලබන වසර වනවිට මුළු දිවයින ආවරණය වන පරිදි 

ජනතාවගේ විදුලි අවශ්‍යතාවය සපුරාලනවා………

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතීඥ පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය අවධාරණය කරයි.

ආසියානු කලාපීය රටවල් අතරින් පැය 24 පුරාම අඛණ්ඩ විදුලි සැපයුමක් තිබෙන එකම රට ශ‍්‍රී ලංකාව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතීඥ පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය ප‍්‍රකාශ කරයි. මේ වනවිට රටේ මුළු ජනගහනයෙන් 94%ක ප‍්‍රමාණයකට විදුලිය පහසුකම් සපයා ඇති බව පෙන්වාදෙන අමාත්‍යවරිය, ලබන වසර අවසන් වීමට ප‍්‍රථම එම ප‍්‍රමාණය 100%ක් දක්වා ගෙනඑමින්, මුළු දිවයින ආවරණය වනපරිදි සියළු ජනතාවට විදුලිය පහසුකම් සපයන බවද පැවසුවාය. එතුමිය මෙම අදහස් පළකළේ පසුගියදා කොලොන්න මැතිවරණ කෝට්ඨාශයේ අතිදුෂ්කර ගම්මාන ආවරණය වන පරිද්දෙන් ඉදිකළ බණ්ඩොක්කායාය සහ කටුකුඹුර විදුලි යෝජනාක‍්‍රම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවන්ට එක් වෙමිණි.

විදුලමු ලංකා වැඩපිළිවෙල යටතේ කුවේට් රජයේ ආධාර මත රුපියල් ලක්ෂ 30ක් වැයකර ඇති මෙම ව්‍යාපෘති තුළින් නිවාස 150කට පමණ විදුලිය ලබාදීමට හැකිවී තිබේ. මෙතෙක් කාලයක් කුප්පි ලාම්පු එළිය බැලූ ජනතාවට විදුලිය පහසුකම් ලැබීම තුළින් සිය දෛනික අවශ්‍යතා යහපත් අන්දමින් සපුරා ගැනීමට මෙන්ම සුළු කර්මාන්තකරුවන්ට සිය ජීවනෝපාය මාර්ග සරු කරගැනීමේ අවස්ථාවද මෙම විදුලි ව්‍යාපෘති විවෘත වීමත් සමග උදාවී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ වන්නිආරච්චි මැතිනිය….
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබෙන්නේ ජනතාවට අඛණ්ඩව මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදෙන ලෙසයි. 1988 වර්ෂයේ රටේ සමහර පළාත් වලට පමණයි විදුලිය තිබුණේ. ඒ තිබුණත් ජනතාවට එයින් වැඩි පළක් වුනේ නැහැ. දිනකට පැය 7ක් 8ක් විදුලිය කැපුවා. එදා ඒ ජනතාව කිව්වේ විදුලිය දුන්නාට වැඩිය හොඳයි නොදුන්නානම් කියලා. අද රටේ විදුලි ඉල්ලූම වැඩියි. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාරව රටේ ජනතාවගේ ජීවන මට්ටම වඩාත් යහපත් කිරීම තමයි අපේ අතිගරු ජනාධිපතිතුමාගේ මූලික ඉලක්කය. ඒ ඉලක්කය සපුරාලමින් ජනතාව ඉල්ලන ප‍්‍රමාණයට විදුලිය සපයන්න අපට අද හැකි වෙලා තිබෙනවායැයි පැවසීය.

මේ වනවිට ජල විදුලිය නිපදවන්නේ 30% ක් පමණයි. ඉතිරි ප‍්‍රමාණය නිපදවන්න වෙලා තියෙන්නේ ඉන්ධන වලින්. ඒ සඳහා විශාල වියදමක් යනවා. ලොකු මුදලකට විදුලිය උත්පාදනය කරලා ජනතාවට සහනදායි මිලකටයි අපි සපයන්නේ. ජනතාවගෙන් 50% කට විදුලිබිල සතයක්වත් වැඩිකරලා නැහැ. ජනාධිපතිතුමා නිතරම උත්සාහ ගන්නේ ජනතාවට වඩාත් සුවපහසු තත්ත්වයක් උදාකරන්න. ගමනැගුම, මගනැතුම තුළින් ග‍්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් මෙන්ම ආර්ථික තත්ත්වයද නගාසිටුවන්න එතුමා කටයුතු කළා. 2005 ජනාධිපතිතුමා ගත් ඵළදායි තීන්දු තීරණ නිසා තමයි නොරොච්චෝල, ඉහල කොත්මලේ බලාගාර ඉදිවුනේ. එවැනි බලාගාර එදා ඉදිවුනේ නැත්නම් අද කොහොමද මේ වැඩිවෙන විදුලි ඉල්ලූම අපි සපුරාලන්නේ. අද ගමේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙලා. එදා කුප්පි ලාම්පු එළියෙන් අකුරු කරපු ගමේ ළමයි අද විදුලි එළියෙන් පාඩම් කරනවා. නවින තාක්ෂණය උපයේගී කරගනිමින් පරිගනක අධ්‍යාපනය ලබනවා. අද ගැමියාගේ ජීවන මට්ටම උසස්. අද ගමේ ගෙවල්වල මෝටර් සයිකල්, ත‍්‍රීවීලර් තියෙනවා. එදා විරැුකියාවෙන් දුක් විඳිමින් බෝක්කු ගානේ රස්තියාදුවුන තරුණයන් අද දකින්න නැහැ. මෙවැනි වෙනසත් ඇතිවුනේ අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ¥රදර්ශී නායකත්වය යටතේ ගම සංවර්ධනය වූ නිසායැයිද විෂයභාර අමාත්‍ය නීතීඥ පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර, කොලොන්න ආසනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්නරුන් ඇතුළු ප‍්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වූහ.

⋆ ඡුායාරූප -
ඡුායාරූපයේ දැක්වෙන්නේ පසුගියදා කොලොන්න මැතිවරණ කෝට්ඨාශයේ අතිදුෂ්කර ගම්මාන ආවරණය වන පරිද්දෙන් ඉදිකළ බණ්ඩොක්කායාය සහ කටුකුඹුර විදුලි යෝජනාක‍්‍රම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවන්ට එක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතීඥ පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය විසින් සමරු ඵළකය නිරාවරණය කළ අවස්ථාවයි. විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර, කොලොන්න ආසනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්නරුන්ද මෙහි දැක්වේ.