Posted by in Latest News
• රට කාබාසිනියා නොකරන සවිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට කළමනාකාරීත්වයේ වෙනසක්.
• විදුලි අය ක්‍රමය හෝ සැපයුම් මිල තීරණය කිරීමට ලංවිමට අයිතියක් නැහැ.
සූත්‍රිකා පහන්, CFL පහන් බවට පත්කරගන්නා ලෙස ඇමති චම්පික රණවකගෙන් ඉල්ලීමක්.
2002 වසරේ පැවති ආණ්ඩුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය කලාප 06 ක් බවට ඛෙදා වෙන්කොට, පෞද්ගලීකරණය කිරීම සඳහා සම්මත කරගත් ගිවිසුම් අදටත් බලාත්මකව පවතින බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ රට කාබාසිනියා නොකරන, මහජනතාවට බරක් නොවන, සවිමත් රාජ්‍ය ආයතනයක් බවට ලංවිම පත්කිරීමයි. එය අද වනවිට ලංවිම ඔප්පුකර තිබේ. 2012 වසරේ පැවති නියං කාලසීමාවත් සමඟ උද්ගත වූ විදුලි අර්බුදය ජයගනිමින් රටේ සේවා සහ කර්මාන්ත ආර්ථීකය නඟාසිටුවමින්, ජන ජීවිතය සවිමත් කිරීමට අඛණ්ඩ විදුලි බලයක් සැපයීමට ලංවිමට හැකිවිය. 2001 වර්ෂයේදී තත්ත්වය වූයේ නියඟය දරාගත නොහැකිව අඩපණ වූ විදුලිබල පද්ධතිය හේතුවෙන් පැය 08 ක් දක්වා විදුලිය කප්පාදු කිරීමයි. ඒ සමඟම රටේ ආර්ථීකය ඍණ අගයක් දක්වා පහත වැටිණ. එම තත්ත්වය, අවසානයේ රටේ සමාජ, ආර්ථීක සහ දේශපාලනික වෙනස්වීමක් දක්වා බලපෑවේය.
2012 වසරේදී ලංකා විදුලිබල මණ්්ඩලය එම තත්ත්වය මනාව පාලනය නොකළා නම්, 2001 වසරේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් රටේ උද්ගත වීමට තිබුණා යැයි අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. නියඟය හමුවේ විදුලි ඉල්ලූම සැපයීම සඳහා වෙනදා මෙන් පෞද්ගලික ආයතන වලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමට තම ආයතන කටයුතු නොකළ බවත්, ඒ හේතුවෙන් අතිරේක විදුලිය මිලදීගැනීමට වැයවන රු. මිලියන 17.000 ක් රජයට ඉතිරිකරදීමට රටේ පාරිභෝගිකයන් ඉදිරිපත් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. රට වෙනුවෙන් පෙනීසිටින, මහජනතාවට ගරුකරන රාජ්‍ය ආයතනයක් බවට ලංවිම සහ ලෙකෝ ආයතනයන් පත්කිරීම සඳහා කළමනාකාරීත්වයේ සහ සැලසුම් වල කළ යුතු සියළු වෙනස්කිරීම්, තමන් මේ වසරේදි සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පළමු අදියරේ “හෙට වෙනුවෙන් අද”ජාතික බලශක්ති සංරක්ෂණ වැඩසටහන, පසුගිය වසරේ අප්‍රේල්, මැයි සහ ජුනි මාස වල දියත්කළ අතර එහිදී ගිගාවොට් පැය 91.8 ක විදුලි ඉතිරියක් ලංවිම සහ ලෙකෝ පාරිභෝගිකයන් මඟින් ළඟාකරගැනීමට හැකිවිය. එය මුදලින් රු. කෝටි 438 ක ඉතිරියකි. එහි දෙවන අදියර පසුගිය ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මූලික කරගනිමින් පැවති අතර ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක ඇතළත පමණක් ගිගාවොට් පැය 56.4 ක් ඉතිරිකිරීමට ලංවිම පාරිභෝගිකයන් සමත්වී ඇති බව ලංකා විදුුලිබල මණ්ඩලය පවසයි. පළමුවන අදියරට වඩා දෙවන අදියරේදී බලශක්ති සංරක්ෂණයට වැඩි පාරිභෝගික නැඹුරුවක් ඇති බව එම වාර්තා පෙන්වාදෙයි.
අද වනවිට රාත්‍රී විදුලි පරිභෝජනයෙන් 24% ක් වැයවන්නේ විදුලි ආලෝකකරණය සඳහායි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්තා වලට අනුව එයින් 7% ක් කතඛ විදුලි බුබුළු සඳහා වැයවන අතර ඉතිරි 17% සූත්‍රිකා විදුලි බුබුළු සඳහා වැයවේ. ආලෝකකරණය සහ බලශක්තියේ ගුණාත්මකභාවය පිළිබඳව අවබෝධයෙන්, සියළු සූත්‍රිකා පහන් කතඛ පහන් බවට පරිවර්තනය කරන ලෙස අමාත්‍යවරයා සියළුම විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. එය රටේ විදුලි ඉල්ලූම පාලනයට සේම මහජනතාවටද ආර්ථීක වාසියක් ගෙනදෙනු ලැබේ