Posted by in Latest News
වැස්ස වැටෙයි ද නැද්ද කියනදේ අපිට පාලනය කරන්න බැහැ..
තෙල්මිල ඉහල පහල යෑම වගේම රුපියල උඩ පහළ යන එකත් අපිට පාලනය කරන්න බැහැ.
තෙල්මිල ඉහල පහල යෑම වගේම රුපියල උඩ පහළ යන එකත් අපිට පාලනය කරන්න බැහැ.
අමාත්‍ය චම්පික රණවක මහතා ලංවිම සේවක සමුළුවකට සහභාගී වෙමින් පවසයි.
2012 තුන්වෙනි කාර්තුව අවසන් වෙද්දී කෘෂිකර්මාන්තය වාරිමාර්ග කේෂත‍්‍රය නියඟය හමුවේ සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරද්දී සේවා සහ කර්මාන්ත ආර්ථිකය ධන මට්ටමේ පවත්වා ගත හැකි වූවේ දැඩි නියඟය හමුවේත් පැය 24 පුරා විදුලිබල සැපයුමක් ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ නිසා බව අමාත්‍ය රණවක මහතා පවසයි.
2012 වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 8.5 ්‍ර ක්ව පැවතින. 2012 තුන්වැනි කාර්තුව අවසන් වන විට රටේ ආර්ථික වර්ධන වේගය 4.8 ්‍ර දක්වා අඩු වූයේ දැඩි නියඟයත් සමඟය. ප‍්‍රකෝටි ගණනක් අයෝජනය කළ කෘෂිකර්මාන්තය, වාරිමාර්ග කේෂත‍්‍රය සහ දිවිනැගුමේ ප‍්‍රයෝජන ලබා ගත නොහැකිව 2012 තුන්වැනි කාර්තුව අවසන් වන විට රටේ කෘෂිකර්මාන්ත කේෂත‍්‍රයේ වර්ධන වේගය සෘණ 0.6 ක් දක්වා පහත වැටී තිබේ. පරාක‍්‍රම සමුද්‍රය වික්ටෝරියා ජලාශය සිඳ දැමූ නියඟය ජලවිදුලිබලයටද එල්ල කළේ දැඩි අභියෝගයකි. එහෙත් රටේ කර්මාන්ත හා සේවා කේෂත‍්‍රය නගා සිටුවමින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් තහවුරු කරමින් කර්මාන්ත ආර්ථිකය ධන මට්ටමේ පවත්වා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සැපයූ දායකත්වය අතිවිශාල බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (30* උදෑසන ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවැති ලංවිම සේවක සමුළුවකට සහභාගී වෙමිනි.
විදුලිබල කේෂත‍්‍රයේ පාලනය කළ හැකි මෙන්ම පාලනය කළ නොහැකි දේද පවතින බව අමාත්‍යවරයා පවසයි. එලෙස පාලනයෙන් තොර හැමදේම අදවන විට ලංවිමට සිදු කරන්නේ පාඩුවක් පමණක්ම බව අමාත්‍යවරයා සඳහන් කරයි. වැස්ස වැටෙයි ද නැද්ද කියනදේ අපිට පාලනය කරන්න බැහැ..තෙල්මිල ඉහල පහල යෑම වගේම රුපියල උඩ පහළ යන එකත් අපිට පාලනය කරන්න බැරි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හැබැයි මෝසම් වැසි තුනක් මාස 15ක් ඇද නොවැටෙද්දී රටේ ජනතාවට කර්මාන්තවලට සහ ආර්ථිකයට සවියක් වෙමින් කටයුතු කරන්න විදුලිබල කේෂත‍්‍රයට හැකි වුණා. විදුලිබල මණ්ඩලයේ ලාබ පාඩු ගැන ආයෙත් හැමෝම කතා කරන්න පටන් අරන්.. හැබැයි මහජනතාවට කර්මාන්ත කේෂත‍්‍රයට සහනසලසමින් ඔවුන්ව නොවැටී නගා සිටුවන්න ගන්න උත්සාහය කිසිවෙක් කථා කරන්නේ නැහැ. 2012 වසරට පමණක් විදුලි සහනාධාර වශයෙන් රුපියල් බිලියන 62ක් ලංවිම ලබා දී තිබෙනවා. ලක්ෂ 50 ක විදුලි පාරිභෝගිකයන්ට රුපියල් බිලියන 29 ක විදුලි සහනාධාර වගේම කර්මාන්ත සහ සේවා කේෂත‍්‍රයට විදුලි සහනාධාර වශයෙන් රුපියල් බිලියන 23 ක් ලබා දෙන්න ලංවිම කටයුතු කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රටේ ආර්ථිකය සුභවාදීව ධන තත්වයේ පවත්වාගන්න අන්ත අසරණ දුක් වේදනා විදින ආයතනයක පිිරිසක් බවට ලංවිම අපි හැමෝම කටයුතු කරනවා.
2010 රුපියල් 26 ක්ව තිබ්බ දැවිතෙල්් 2012 අවසන් වන විට රුපියල් 90 ක් වෙලා..තෙල් කාන්දුවට පිරිපහඳුවේ පරණකමට නවීකරණය නොකලට අද වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපිට වගේම පොදු මහජනතාවටයි. මේ සැමට වගකියන්න ඕනේ 1956 සිට වැඩ වර්ජන පිට වැඩ වර්ජන ඇති කරපු රතු කොඩි කාරයෝ..වෘත්තීය සමිති මුවාවෙන් සිට, රට ආර්ථික අගාධයකට ඇඳ දාන ඇතැමි පිරිස් බව අමාත්‍යවරයා සඳහන් කරයි. 1956 ආසියාවේ තිබුන ලොකුම වරාය කොළඹ වරායයි..ලොකුම තෙල් ගබඩා සංකීර්ණය පිහිටා තිබුනේ ති‍්‍රකුණාමලයේ..අවාසනාවකට මෙන් 1956 න් අරැුඹි වෘත්තීය වැඩ වර්ජන සමඟ මේ සියල්ල අපට අහිමි වුනා. අද කොළඹ වරායට වසරකට නැව් එන්නේ යන්නේ 4000 ක් 5000 ක් අතර ප‍්‍රමාණයක්..අපේ වැඩවර්ජන නිසා සිංගප්පූරු වරාය ආශ‍්‍රයෙන් අද වන විට වසරකට නැව් 240,000 ක් තම සේවා අවශ්‍යතා සපුරා ගන්නවා..මේ වැඩ වර්ජන සංස්කෘතිය අයිතිවාසිකම් සංස්කෘතිය පැත්තකට දමා ඉතා සුවිශේෂී භූගෝලීය සහ පාරිසරික තත්වයක පිහිටි අපේ මේ පුංචි දිවයින ආසියාවේ රන් දිවයින බවට පත් කර ගැනීමට සැවොම එක් වෙන ලෙස ඉල්ලීමක් ද කර සිටියේය.