“ලෝකයේ අද සිදුවී ඇති පාරිසරික විපත් වලට  ඇමරිකාව සෘජුවම වගකිව යුතුයි”
28 0

Posted by  in Latest News

*2030 වනවිට ලෝකයේ ගල්අගුරු බලාගාර වසාදමා ඛනිජ තෙල් ආශ්‍රයෙන් විදුලිය නිපදවීම අවම කරගතහොත් පවතින තත්ත්වය වෙනස් කරගත හැකියි.
*ඇමරිකානු ජනතාව පිළිබඳව අපට කණගාටුයි. එහෙත් ඔවුන්ගේ අනිසි ක්‍රියාකාරකම්
ලෝකයේ සියළුම ජනතාව අපහසුතාවට පත් කරනවා.
ඇමති පාඨලී ලංවිම දීර්ඝසේවා තිළිණ ප්‍රධානය කරමින් පවසයි.
පසුගිය දිනෙක නිව්යෝර්ක් නුවර වෝල් වීදියේ කොටස් වෙළඳපල වටකරමින් එරට 1% ක ධන කුවේරයන් වෙනුවෙන්, 99% ක් වන සාමාන්‍ය  ජනතාව නියෝජනය කරමින් රැකියා විරහිත තරුණ පිරිස් පෙළපාලි ගියා. ලෝකයේ වැදගත්ම මුල්‍ය මධ්‍යස්ථානය වන වෝල් වීදියේ කොටස් වෙළඳපලත් අද සැන්ඩි කුණාටුවට ගොදුරු වෙලා. වෝල් වීදිය වටලා තරුණයින් සිදුකල පෙරලියට වඩා ප්‍රචණ්ඩ බලපැමක් ලෝකය ඉදිරියේ මවන්නට සැන්ඩි කුණාටුවට ගතවූයේ ඉතා පොඩි වෙලාවක්. ආර්ථීකයේ බලවතා සංවර්ධනයේ බලවතා, තාක්සණයේ බලවතා යැයි කියන ඇමරිකාවත් ස්වභාවධර්මය ඉදිරියේ අන්ත අසරණ වූයේ තමන්ගේම අනිසි ක්‍රියාකාරකම් වල මිහිපිට ලැබූ විපාක ලෙසිනි.
අද ගෝලීය උණූසුම ඉහළ යාම සීග්‍රයෙන් වැඩිවී තිඛෙන්නේ ඇමරිකාව වැනි බලවත්යැයි කියන රටවල් තෙල්, ගල්අගුරු , ගැස්, සහ පොසිල බලශක්ති ප්‍රභේද වැඩිවැඩියෙන් දහනය කිරීම පදනම් කරගෙනයි.  මේ තත්ත්වය තුළ ඉදිරි දශක දෙක ඇතුලත සැන්ඩි වැනි සුලි කුණාටු දහස් ගණනින් මේ මිහිමත ජීවිත විනාශ කරාවි. අද ඇමරිකාවේ මිලියන 65 කට උන්හිටි තැන් අහිමිවී අසරණ වී සිටිනවා. ඔවුන් පිළිබඳ අපට ඇත්තේ කණගාටුවක් වුවත් ලෝකයේ  සියළුම රටවල ජනතාව සැලකීමේදී මෙම තත්ත්වයට ප්‍රධානතම වැරදිකරු ඇමරිකාව බව කිවයුතුයැයි අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 30ක සේවා කාලයක් සපිරූ සේවක මහත්මහත්මීන්හට දීර්ඝ සේවා තිළිණ ප්‍රධානය කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.
2030 ට ප්‍රථම ලෝකයේ පවතින ගල්අගුරු බලාගාර වසා නොදැම්මොත්, ඛනිජතෙල් බලශක්ති පරිභෝජනය අවම නොකළහොත්, මෙම කාලගුණ විපර්යාසයේ ප්‍රතිවිපාක කොතරම්ද යන්න පිළිබඳව අපට තක්සේරු කළ නොහැකිය. අධික නියගයන්, අකුණු සමග  මහවැසි, ගංවතුර, මුහුද ගොඩගැලීම්, භූ කම්පන වැනි මිනිසාට අහිතකර පාරිසරික ව්‍යසනයන් බොහෝමයකට ලෝකයේ සැම රටකටම පාහේ මුහුණ දීමට සිදුවීම අනිවාර්යය වේ. මේ තත්ත්වය මත ලෝක ආර්ථීකය රටවල දියුණූව අහස උසට නැගි ගොඩනැගිලි එක නිමේෂයකින්  විනාශවී යාමනම් වැළැක්විය නොහැකි බව අමාත්‍යරවයා සඳහකන් කරයි.
ශ්‍රී ලංකාවේ අපටත් ලෝකයේ අනිකුත් රටවලටත් මෙම බලශක්ති පරිහරණයේ දුර්විපාක වලින් ගැලවීමටනම් සිදුකළ හැකි එකම කාර්යය වන්නේ පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමයි. අප එම අභියෝගය ක්‍රමක්‍රමයෙන් ජයගෙන තිබීම සතුටට කරුණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.