Posted by in Latest News
හඳුන්වාදුන් උපකරණ හතරෙහිම නිෂ්පාදන සහ තාක්ෂණික දැනුම දේශීය ඉංජිනේරුවන්ගෙන්.
ඕනෑම තත්ත්වයක් යටතේ විදුලි උපකරණ ආරක්ෂා වන බවට වගකීමක්.
මේ දිනවල පවතින අකුණු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විද්‍යුත් පරිපථ හා ක්‍රියාකාරීව පවතින ගෘහ සහ කාර්යාල ආශ්‍රිත විදුලි උපකරණ වලට බලපෑම් එල්ලවීමේ අවදානමක් ඇතැයි ලංකා විදුලි පුද්ගලික සමාගමට අනුබද්ධ ලෙකෝ ප්‍රොජෙක්ට්ස් ආයතනය පෙන්වා දෙයි. අකුණු නොමැති කාලගුණික තත්ත්වයකදී වුවද අධික වෝල්ටීයතාවය සහිත අවස්ථාවන්හිදීද එම අවදානම තිඛෙන බව ලෙකෝ ප්‍රොජෙක්ට්ස් හි ඉංජිනේරු අංශ ප්‍රධානී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පෙන්වාදෙයි. මෙම තත්ත්වයන් පිළිබඳව සිදුකළ සමීක්ෂණ වලින් අනතුරුව, විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත, ලෙකෝ ප්‍රොජෙක්ට්ස් නව නිර්මාණයන් ලෙස විදුලි උපකරණ ආරක්ෂා කරගැනීමේ උපකරණ 04 ක් හඳුන්වාදීම ඊයේ (24) සිදු කෙරිණ.
මෙහිදී එකලා විදුලි මාර්ග ආරක්ෂණ උපකරණය, තෙකලා විදුලි මාර්ග ආරක්ෂණ උපකරණය, දුරකතන සහ අන්තර්ජාල ආරක්ෂණ උපකරණය සහ බහු මාධ්‍ය ආරක්ෂණ උපකරණය යන උපකරණ 04 හඳුන්වා දුන් බව එහි මෙහෙයුම් කළමණාකාර අනුෂ්ක කුමාරසිංහ මහතා පවසයි. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පෙන්වාදෙයි. දේශීය ඉංජිනේරු තාක්ෂණය සහ දැනුම මත නිර්මාණය කළ මෙම උපකරණ ඕනෑම තත්ත්වයකදී නිවසේ හෝ කාර්යාලයේ හෝ කර්මාන්ත ශාලාවේ විදුලි උපකරණ ආරක්ෂා කරගැනීමට සමත් බව මෙහෙයුම් කළමණාකාරවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
යුරෝපා රට වලට වඩා ශ්‍රී ලංකාවේ වැසි සහිත සහ වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ අකුණු පතිතවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ඉහළ වායුගෝලයේ සුළං එහා මෙහා වීම මත ජල අංශ= එකිනෙක මත ගැටීමෙන් නිර්මාණය වන ස්ථීති විද්‍යුතය ආරෝපණයේ මහා පරිමාණ තත්ත්වයක් වළාකුලකින් වළාකුලකට හෝ වළාකුල තුළ හෝ වළාකුලෙන් පිටතට විසර්ජනය වීම අකුණක් ලෙස සැලකේ. ඈත අතීතයේ සිට ස්වභාවධර්මයේ පවතින විශාල ආරෝපණ බලශක්තියක් වන අකුණු සැරය පාලනය කිරීමට මේ වනවිටත් සමත්වී නැත. අකුණු ආශ්‍රයෙන් නිෂ්පාදනය වන අධික බලශක්තිය ගබඩා කිරීමට හෝ බලශක්තියක් ලෙස භාවිතකිරීමට හෝ කිසිවෙකුත් සමත්වී නැත. මේ තත්ත්වයන් යටතේ අකුණුසැර මගින් සිදුවන උපකරණ හානි සහ ඒ ආශ්‍රිතව සිදුවන මරණ සංඛ්‍යාව අවම කරුනීමට ඇති එකම ක්‍රමවේදය අකුණු සන්නායක හෝ ආරක්ෂණ උපකරණ සවිකර ගැනීම බව ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා වර්තමානයේ දේශීය වෙළඳපොළේ ඇති අතලොස්සක් සන්නායක උපකරණ අතර මෙම උපාංග 4 ඉහළ තාක්ෂණික හා කාර්යක්ෂම මට්ටමක පවතින බව ඒ මහතා සඳහන් කරයි.
මේ වනවිට දිවයිනේ ඇති ඕනෑම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සේවා ස්ථානයකින් හෝ ලෙකෝ ප්‍රධාන කාර්යාලයෙන් මෙම උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදී ඇත. ඒ පිළිබඳ විමසීම සඳහා 011-2301399 දුරකතන අංකය භාවිත කළ හැකි බව ලෙකෝ ප්‍රොජෙක්ට්ස් මෙහෙයුම් කළමණාකර අනුෂ්ක කුමාරසිංහ මහතා පවසයි.