“අධික වර්ෂාවත් සමඟ විදුලි ඉල්ලූම 30% කින් අඩුවේ”
30 0

Posted by  in Latest News

• බලාගාර ආශ්‍රිත ජලාශ වල වැඩිම ජල පැවැත්ම ඊයේ (01) දිනට වාර්තා වේ
• වික්ටෝරියා, සමනල වැව සහ රන්දෙණිගල තවමත් 35% කට අඩු ධාරිතාවේ

මේ දින වල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෛනික විදුලිබල ඉල්ලූුම 30% කින් අඩුවීී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශ වාර්තා අනාවරණය කරයි. වර්ෂාව සමඟ පවතින ශීත කාලගුණය හේතුවෙන් විදුලි පංකා සහ වායුසමන යන්ත්‍ර භාවිතය අඩු අගයක පැවතීම, ඊට හේතුව බව පද්ධති පාලන අංශය පෙන්වාදෙයි. පසුගිය දින වල සවස් කාලයේ පැවති අකුණු සහිත කාලගුණය හේතුවෙන් රූපවාහිනී ඇතුළු විදුලි උපකරණ භාවිතය සීමාකිරීම හේතුවෙන්ද මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී. 

සාමාන්‍ය තත්ත්ව යටතේ දිනක විදුලි ඉල්ලූුමේ සාමාන්‍යය ගිගාවොට් පැය 36 ක් වේ. එහෙත් පසුගිය දින 03 ක කාලය ඇතුළත එය ගිගාවොට් පැය 26 ට අඩු මට්ටමේ පැවතිණ. එමෙන්ම බලාගාර ආශ්‍රිතව පවතින ජලාශ වල වැඩිම ජල ධාරිතාව ඊයේ (01) දිනට වාර්තා වී තිබේ. කාසල්රි, මාඋස්සාකැලේ, කොත්මලේ ජලාශ පිටාර මට්ටමේ තිබුණද, විික්ටොරියා, සමනලවැව සහ රන්දෙණිගල ජලාශ වල ජල මට්ටම් තවම පවතින්නේ 30% ක මට්ටමක බව ලංවිම ජනන අංශ වාර්තා පෙන්වාදෙයි.