Posted by in Latest News
- පරමාණුක බලය නියාමනය සඳහා කොමිසමක් පිහිටුවීමට පියවර
- න්‍යෂ්ටික තාක්ෂණ අධ්‍යයනය, විශ්ව විද්‍යාල විෂය මාලාවට
- න්‍යෂ්ටික තාක්ෂණයේ සංවර්ධනය සඳහා ඕනෑම රටක සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
පසුගිය 12 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පුළුල් සිවිල් න්‍යෂ්ටික සහයෝගීතාව සඳහා වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී ඇතිකරගත් එකඟතාවන් සහ ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (15) අමාත්‍යාංශයේදී පැවැත්විණ. එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, පළමු වටයේ සාකච්ඡා අවබෝධයකින් යුතුව දෙපාර්ශ්වයේ සහයෝගය මත න්‍යෂ්ටික ආරක්ෂණ ක්‍රමවේද සඳහා එකඟවෙමින් නිමාව දුටු බව පවසන අමාත්‍ය රණවක මහතා, වසර 2015 වනවිට ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය ජාත්‍යන්තරය තුළ තරඟකාරී ආයතනයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කරන බව පවසයි.
අප කලාපයේ තිඛෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය හැඳින්විය හැක. එහි ජනන ධාරිතාව මෙගාවොට් 6000 කි. කල්පිටිය වෙරළේ සිට ඉන්දියාවේ බලාගාර භූමිය දක්වා ඇති දුර කි.මී. 225 කි. ඕනෑම රටක් න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමේදී ජාත්‍යන්තර පරමාණු බල ඒජන්සිය විසින් පනවා ඇති සම්මුතීන් වලට එකඟව කටයුතු කළ යුතුව ඇත. ඒ පිළිබඳව වන ප්‍රධාන සම්මුතීන් තුනකි. එනම් න්‍යෂ්ටික ආරක්ෂා සම්මුතිය, න්‍යෂ්ටික ආපදාවකදී ආධාර ලබාදීමේ සම්මුතිය සහ න්‍යෂ්ටික ආපදා පිිළිබඳ ක්ෂණික දැනුම්දීමේ සම්මුතියයි. මේ පිළිබඳව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතරද අන්‍යෝන්‍ය අවබෝධයක් පවතින අතර එය තහවුරු කිරීම සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී ඒ සඳහා වන විධිමත් ගිවිසුමක අවශ්‍යතාව පිළිබඳ මීට වසරකට ඉහතදී ඉන්දීය රජය දැනුවත් කළ බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත්කර ඇති න්‍යෂ්ටික අනතුරකදී පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනේ 09 වන වගන්තියට අනුව ද්වීපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ගිවිසුමක් වෙත යොමුවීමේ හැකියාවක් ඇත. ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ශ්‍රී ලංකාව පූර්ව සැලසුමකින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. මේ වනවිටත් වෙරළ තීරයේ මුහුදු ජලයේ සහ සාමාන්‍ය පරිසරයේ විකිරණශීලීත්වය මැන බැලීම සඳහා පරීක්ෂණ සිදුකර ඇති අතර රට පුරා ස්ථාන 07 ක නාවුක කඳවුරු ප්‍රධාන කරගනිමින් පූර්ව සංඥා පද්ධතිද ඉදිකර තිබේ. ඒවායේ දත්ත සෑම අවස්ථාවකදීම නිරීක්ෂණයට ලක්කරන බව ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය අවධාරණය කර සිටියි. ඒ අනුව කූඩන්කුලම් හෝ කල්පාක්කම්හි පිහිටි න්‍යෂ්ටික බලාගාර වල යම් විිකිරණ අනතුරක් සිදුවුවහොත් ඒවා කල්තියා දැනගැනීමේ ආරක්ෂණ ක්‍රමවේද, ශ්‍රී ලංකාව මේ වනවිටත් අනුගමනය කර ඇත.
න්‍යෂ්ටික ක්‍රියාකරකම් පිළිබඳව ගුණාත්මක සේවා සැපයීම සහ නියාමන කටයුතු ශ්‍රි ලංකාව තුළ සිදුකිරීම සඳහා ඇති එකම ආයතනය ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය වේ. ඉදිරියේදී පරමාණුක බලය නියාමනය සඳහා වෙනම කොමිසමක් පිහිටුවීමටත්, න්‍යෂ්ටික සේවාවන් පවත්වාගැනීම සඳහා පරමාණු ශක්ති මණ්ඩලයක් පිහිටුවීමටත්, අවශ්‍ය පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පවසයි. ස්වාධීන ආයතන 02 ක් වශයෙන් මෙම ආයතන පවතින අතර පරමාණු ක්ෂේත්‍රයේ සිදුවන සේවාවන් රට තුළ නියාමනයේ අයිතිය ඒ අනුව නව ආයතනය වෙත පැවරේ. ඊට අදාල පනත් සහ ගිවිසුම් නිර්මාණය කර නීතීපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
න්‍යෂ්ටික තාක්ෂණයේ අහිතකර යොදාගැනීම් සේම යහපත් යොදාගැනීම් රාශියක්ද පවතින බව පරමාණු ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විෙජ්වර්ධන මහතා පෙන්වා දෙයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ, ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කෘෂිකර්මාන්තයේ මෙන්ම පුරාවිද්‍යාත්මක වස්තු වල කාලය නිර්ණය කිරීම සඳහා වන පරීක්ෂණ පැවැත්වීමටත් මේ වනවිට ශ්‍රී ලංකාවේ පරමාණු ශක්තිය යොදාගන්නා බව විෙජ්වර්ධන මහතා අවධාරණය කර සිටියේය.
න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව විශ්ව විද්‍යාල සිසුන් උනන්දු කරවමින් විශේෂ විෂය මාලාවක් හඳුන්වා දීමටද මේ වනවිට කටයුතු කර ඇත. පරමාණු ශක්තිය පිළිබඳව විශේෂඥ මහාචාර්ය ප්‍රීනාත් ඩයස් මහතාගේ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කළේය. තවද න්‍යෂ්ටික තාක්ෂණයේ යහපත් යොදාගැනීම් සහ එම බලශක්තියේ ස්වභාවය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පරමාණු ශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පරමාණුක ක්ෂේත්‍රයේ යහපත් සහ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට ඇමරිකාව, රුසියාව, චීනය, කොරියාව, ඉන්දියාව සහ පකිස්ථානය වැනි ඕනෑම රටක සහයෝගය ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.