“වසර 2030 දී පොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන් අත්හැර 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම අනිවාර්යයි”
12 0

Posted by  in Latest News

සාර්ක් කලාපිය රටවල සිවිල් නියෝජිතයන්ගේ සමුළුව අමතමින් අවධාරණය කරයි.

මේ වනවිට ගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 44% කින් ඉහළ ගොස් ඇති බවත්, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.85 කින් ඉහළ ගොස් තිඛෙන අතර එම අගය සෙන්ටිග්‍රේඩ් අංශක 2 දක්වා ඉහළයාම වැළැක්විය නොහැකි බවත්, වසර 2030 දී සම්පූර්ණයෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම අනිවාර්යය බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ වත්තල පෙගර්සස් රිෆ් හෝටලයේ පැවති සාර්ක් කලාපීය රටවල සිවිල් නියෝජිතයන්ගේ හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා ……

වසර 20 කට කළින් නොයෙක් පුද්ගලයින් අනාවැකි පලකර තිඛෙනවා මිනිස් ක්‍රියාකාරකම් තුළින් දේශගුණික විපර්යාසයන් ඇතිවන බවට. විසි වසරකට පසු ඒ අනාවැකි අත්දකින්න අද අපට සිදුවෙලා තිඛෙනවා. අද වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා. මේ තුළින් වායුගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යනවා. මෙසේ උෂ්ණත්වය වැඩිවීමෙන් දකුණු ආසියානු කලාපීය දරිද්‍රතාවයෙන් පෙලෙන බිලියන ගණනක් ජනතාව අවාසනාවන්ත ලෙස ඉදිරිපෙළ ගොදුරු බවට පත්වෙනවා. වසර 2011 සහ 2012 කාලසීමාවේදී අපට ලැබිය යුතු මෝසම් වැසි නොලැබීම හේතුවෙන් කෘෂිකාර්මික වගාබිම් මුළුමනින් විනාශ වුණා. ඊට අමතරව ජල විදුලි උත්පාදනය අවම මට්ටමකට පත්වුණා. මේ තත්ත්වය සමනය කිරීමට නම් විනාශයට පත්වන ප්‍රජාව ආරක්ෂා කිරීම සහ වෙනස්වන කාලගුණික විපර්යාසයන්ට අනුවර්ථනයවීම අත්‍යාවශ්‍ය කටයුත්තක්. මේ වනවිටත් ජනතාවට රජයෙන් නියං සහනාධාර ලබාදෙනවා. මේ සඳහා වැයවන මුදල් අපි ප්‍රතිපූර්ණය කළ යුත්තේ කාගෙන්ද? ගෝලීය උෂ්ණත්වය වැඩිවන ආකාරයේ ක්‍රියාවන් වල යෙදෙන්නන්ගෙන්ගේ ගිණුම් වලට තමයි මේවා බැර කළයුත්තේ යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,

සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුවන්නාවූ මෙම ගෝලීය කාලගුණික විපර්යාසන්ට පාරිසරික ගැටළු මෙන්ම සංවර්ධන කාර්යයන්ගේ ප්‍රතිඵලත් බලපානවා. මේ තත්ත්වයන් පාලනය කරගැනීමට නම් පූර්ව අනතුරු සංඥා නිකුත් කිරීම්, පූර්ව සූදානම්වීම්, පුනරුත්තාපන කටයුතු මෙන්ම වගකීම් සහිත කළමනාකරණ කාර්යයන්ට යොමුවීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම වායුගෝලීය කාබන් අඩුකිරීමට ප්‍රායෝගිකව අප ක්‍රියාත්මක විය යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්‍රමයන්ට  අනුගතවීම තුළින් මෙසේ වායුගෝලීය කාබන් අවම කිරීමට ප්‍රායෝගිකව දායක විය හැකියි. විශේෂයෙන්ම මෙම  ක්‍රියාවන් අනුගමනය කිරීමට මෙන්ම අනෙක් ජනතාවට කාබන් විමෝචනය වෙනුවෙන් මගපෙන්වන්නන් වීමට සාර්ක් කලාපීය රටවලට හැකිවිය යුතුයි. සාර්ක් කලාපීය රටවලට මේ සම්බන්ධයෙන් විශේෂ භූමිකාවක් තමයි හිමිවී තිඛෙන්නේ. 

අද අපි පොසිල ඉන්ධන අවසන් වීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒවගේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුවර්තනය වීමේ අවශ්‍යතාව මේ වනවිට අපට දැඩිව දැනෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීම සඳහා වන ප්‍රතිපත්ති සහ මූලෝපායන් සකස් කිරීමට මේ වනවිට අදාල අංශ දැනුවත් කර තිඛෙනවා. වසර 2020 දී කාබන් රහිත ලෝකයක හිමිකරුවන්වීමට  අප අද සිටම ක්‍රියාත්මක විය යුතුයි. මීට වසර 10 කට කලින් ජංගම දුරකතනය සුඛෝපභෝගී භාණ්ඩයක් වුණා. නමුත් අද ජනතාවගෙන් 100% ක්ම ජංගම දුරකතන හිමිකරුවන්. පුනර්ජනනීය බලශක්තියේ ස්වභාවයත් ඒ ආකාරයම යැයි පැවසීය.